you're reading...
දේශපාලනය

උතුරේ නොනවතින මර්ධනයක්; මන්ත්‍රී ශ්‍රිධරන්ගේ කාර්යාලය නැවත පරීක්ෂා කරයි.

Sridharan

ශ්‍රී ලංකා ආරක්ෂක අමාතංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සෘජු නි​ෙයා්ගයෙන් ක්‍රියාක්මත්මක වන ත්‍රස්ථ විමර්ෂණ ඒකකය දෙවන වරටත් අද දිනයේදී දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ කිලිනොච්චිය කාර්යාලය පරීක්ෂා කරන ලදී.

උදෑසන 9.30 පමණ මන්ත්‍රීවරයාගේ කාර්යාලයට පැමිණි ත්‍රස්ථවිමර්ෂණ ඒකකය සවස 1.30 පමණ දක්වා කාර්යාලයේ සියලු දෑ පරීක්ෂා කර ඇතැයි වාර්තා වෙයි. කාර්යාලයේ සියලු පරිඝනකයන් එළියට ගෙන පරීක්ෂා කර ඇති අතර එසේ සිදුකර ඇත්තේ අද මහජන දිනයක් බැවින් මන්ත්‍රීවරයා හමුවීමට පැමිණෙන ජනයාට පෙ​න්වීමට බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙකු අප වෙත පැවසීය.

මීට සතිකීපයකට ඉහතදීද ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ කාර්යාලය ත්‍රස්ථ විමර්ෂණ ඒකකයේ 25 ​දෙනෙකු පමණ පැමිණ පරීක්ෂා කළ අතර ​එසේ පරීක්ෂා කිරීමේදී සී-4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් හමුවූ බව ත්‍රස්ථ විමර්ෂණ ඒකක විසින් පවසා සිටියහ.

එම අවස්ථාව වාර්තා කිරීමට උතුරේ ක්‍රියාත්මක වන කිසිදු මාධ්‍යකට අවසර නොදුන් අතර ඊපීඩීපී සංවිධානයේ වාර්තාකරුවන්ට පමණක් එම අවස්ථාව වාර්තා කිරීමට අවස්ථාව ලබාදුන්හ.

ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පවසා සිටියේ තම කාර්යාලයේ තිබී එම පුපුරන ද්‍රව්‍ය හමුවීම සැලසුම් සහගත ආරක්ෂක අංශ විසින්ම සිදුකරන ලද්දක් බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවාජිලිංගමගේ නිවසේ පුපුරන ද්‍රව්‍ය තබන ලෙසට තමන්ගේ ඉහළ කරනල්වරයා අනකළ බව ශ්‍රී ලංකා හමුදාවේ කැප්ටන් රවින්ද්‍ර ප්‍රියශාන්ත වඩුගේ බණ්ඩාර (38) කැනේඩියානු ආගමන විගමන බලධාරීන් ඉදිරියේ හෙළිදරව් කර කළ බවට කැනඩාවේ නැෂනල් පොස්ට් නැමති පුවත් පත වාර්තා කරසිටියේය.

මේ අතර ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලෙකම් ලෙස කටයුතු කළ පී.ලක්ෂිකාන්තන් විදෙස් ගතවිමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ ඇති අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇතැයිද වාර්තා වෙයි.

මේ සියල්ලෙන් පෙනීයන්නේ උතුරේ පවතින දැඩි මර්ධනය ස්වරූපය බව උතුරේ ජනයා පවසා සිටිති.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements