you're reading...
හමුදාකරණය

යාපනය සරසවියේ සිසුන් 2කු නිදහස් කරයි; පරිපාලනයට තවමත් හමුදා බලපෑම්

Jaffna uni

ආරක්ෂක අමාතංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ  නියෝගමත ත්‍රස්ථ විමර්ශන ඒකකය විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ත්‍රස්තවිමර්ෂණ පනත යටතේ රදවා ගනිමින් වැලිකන්ද හමුදා රදවුම් කදවුරේ පුනුරුත්තාපනයට යොමුකර සිටින යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද උදෑසන නිදහස් කර ඇති බව යාපනයෙන් ලැබෙන වාර්තා සදහන් කරයි.

මෙසේ නිදහස් කර ඇත්තේ බවනාදන් සහ එස්.සොලමන් යන සිසුන් දෙදෙනා වෙයි. නමුත් තවමත් ම සංගමයේ ලේකම් පී. දර්ශනාන්ත් ,ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. ජෙනමෙයි ජයන්ත යන සිසුන් ​​ දෙදෙනා  වැලිකන්ද හමුදා බාරයේ රදවාගෙන සිටිනු ලබයි.

මෙසේ සිසුන් 2 දෙකනකු නිදහස් කළද යාපනය සරසවියේ පරිපාලනයට සහ සිසුන්ට ආරක්ෂක අංශ විසින් එල්ලවන බලපෑම්වල කිසිදු ආකාරයේ අඩුවක් නොමැති බව වාර්තා වෙයි.

රිමාන්ඩ් භාරයේ සිටී නම්, පුනුරුත්තාපනය කරන්නේ කෙසේද?

මේ අතර පසුගිය 19 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක පවසා සිටියේ “

ප්‍රභාකරන් සමරන්න විශ්ව විද්‍යාලය ඇතුලේ පහන් පත්තුකරන්න ගියාම, ප්‍රභාකරන් සමරන්න අපි දෙන්නේ නෑනේ. ප්‍රභාකරන් අනුස්මරණය කරන්න පහන් පත්තුකරන්න ගියාම හමුදාව විශ්ව විද්‍යාලයට ඇතුලු වෙලාමේ අය අත්අඩංගුවට ගත්තා. ඒ අය දැනට රිමාන්ඩ් භාරයේ ඉන්නවා. ඒ අය පිළිබද පරීක්ෂණ කරගෙන යනවා. ඒ අය ඇත්තටම තවමත් එල්ටීටීඊ ඩයස්පෝරාවත් එක්ක සම්බන්ධකම් තිබෙනවනම් ඒ කට්ටිට පුනුරුත්තාපනය කරයි. නැතිනම් නිදහස් කරයි” යනුවෙනි.

එස්.බී දිසානායක සිදුකළ එම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ යාපනය සරසවි සිසුන් දිර්ඝකාලීනව රදවා ගැනීමේ සැලසුම්ක් ඇති බවත් ඇමතිවරයා පවසා පරිදි රිමාන්බන්ධනාගාරයේ රදවාගෙන පරීක්ෂණ පවත්වනවානම් සිසුන් වැලිකන්ද හමුදා කදවුරේ පුනුරුත්තාපනයට යොමුකිරීම නීතියෙන් සම්පූර්ණයෙන් වැරදි බව මේ අප මේ සම්බන්ධව කළ විමසීමකදී නීතී කේෂත්‍රයේ ප්‍රවීණයෙකු පැවසීය.

රිමාන්ඩ්භාරයේ තබාගැනීමට අධිකරණයකට ඉදිරිපත් කළයුතු අතර සිසුන් කිසිදවෙකු අධිකරණයකට ඉදිරපත් නොකලේය. ත්‍රස්ථ විමර්ෂණ පනත යටතේ අත්අඩංගුවට ගත් යාපනය සරසසි සිසුන් සිව්දෙනා සදහා රදවා ගැනීමේ ​නියෝග නිකුත් කරනු ලැබුවේ ආරක්ෂක ලේකම්වරයා විසිනි.

මීට පෙර උසස් අධ්‍යාපන අමාතංශයේ ලේකම් සුනිල් ජයන්තර නවරත්න පවසා සිටියේ ජනවාරි 14 වැනිදා එනම් ​​තෛයිපොන්ගල් දිනයට පෙර සිසුන් නිදහස් කරන බවයි.

පසුගිය ජනවාරි 8 වැනිදා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, උතුරු පළාත් හමුදා අඥාපති මහින්ද හතුරුසිංහ සහ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්බී දිසානායකගේ දැඩි බලපෑම මත යාපනය සරසවිය නැවත ආරම්භකරනු ලැබූ අතර එහිදී සිසුන් විසින් පවත්වාගෙන ගිය දේශන වර්ජනය තතර කරන ලෙස පරිපාලනය හරහා ආරක්ෂක අමාතංශය මගින් දැඩි බලපෑමක් සිසුන් වෙත සිදුකරන ලදී. යාපනයේ බුද්ධිමතුන් පවසා සිටින්නේ යාපනය සරසවියේ පාලනාධිකාරිය සහ ආරක්ෂක අංශ රහස් අවබෝධයක් තුළ කටයුතු කරන බවයි.

තවමත් යාපනය සරසවිය අවට ප්‍රදේශයේ හමුදා සහ පොලිස් මුරපොලවල් කීපයක් රදවා තිබෙන බවත් හමුදා බුද්ධි අංශ විසින් නිරන්තරයෙන් සිසුන් සම්බන්ධව නිරීක්ෂණය කරමින් සිටින බවටත් යාපනයෙන් ලැබෙන වාර්තා සදහන් කරයි.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements