you're reading...
මානව හිමිකම්

අපගේ ස්වාමියා යේසුස් මිස සීසර් ​නොවේ; විලාප දිනයක්!

Cadinal Ranjith

“මහාපරිමාණ අසාධාරණයත්,ප්‍රචණ්ඩත්වය සහ මුසාවාද​ා මැද ජනතාව ඊට විරුද්ධව කථාකිරීමෙන් බැහැරව නිහඩ පිළිවෙතක් අනුගමනය කරනුයේ වර්තමානයේ සිවිල් සමාජය වෙලාගෙන ඇති බිය සහ අසරණ කමයි. ”

“මෙවන් පසුබිමක දෙවිදුන්ට අවමන් නොකර නිහඩව සිටීමට කිතුනුවාට නොහැකිය. පෙන්තකොස්ත දිනයේ සිට කිතුනුවාගේ ස්වාමියා යේසුස් මිස සීසර් ​ෙනාවන බවත් කීමට කිතුණු සභාව පුරුදු වී ඇති බව මම ඔබට සිහිපත් කිරීමට කැමැත්තෙමි.මෙය බොහෝවිට දුක් පීඩාවවට ලක්වීමටත් හේතුවී ඇති කිතුනු සභාව නිතරම මෙම අවසන් ප්‍රතිපළය බලාපොරොත්තු වෙයි.”

මාධ්‍ය නිවේදනයක් යොමුකරන ක්‍රිස්තියානි සභවේ කොළඹ දියෝකීසයේ රදගුරු අති උතුම් ඩිලෝරාජ් රංජිත් කනගසබේ හිමිපාණන් පෙබරවාරි 03 දා සියළුම දේවස්ථාන විලාප නැගීමේ දිනයක් ලෙස සලකා කටයුතු කරන ලෙස ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ නීතියේ බලය කිසියම් පුද්ගලයෙකු සහ කණ්ඩායමක් අතට කේන්ද්‍රවීමත්, ව්‍යවස්ථාදායකය සහ විධායකය තමන් විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීමටත් රැක ගැනීමටත් දුන් දිවුරුමට අවමන් කිරීමත් හේතු කරගෙන ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි සභාව විසින් පෙබරවාරි 04 නිදහස් දිනය පසුතැවීමේ කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

කාදිනල් මැල්කම් රංජිත්ගේ ස්වාමියා සීසර් වීම

මෙම ප්‍රකාශය ඉතා වැදගත් ප්‍රකාශයක් වන්නේ කතෝලික සභාවේ ගරු කාදිනල් මැල්කම් රංජිත් ආරක්ෂක අමාතංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් උතුරේ දෙමළ ජනයාට එරෙහිව ගෙන යන මර්ධනය ඔවුන්ගේ ඉඩම් කොල්ලය සාධාරනීකරණය කිරිම තුළය.

නාවුක හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින මුල්ලිකුලම් ගම්මානයේ පදිංචිව සිටි වැසියන් කාඳිනල් මැල්කම් රංජිත් එම ප්‍රදේශයට පැමිණෙන බව ආංචිය පැමිණීමෙන් ඉමහත් ප්‍රීතියට පත්විය. ඔවුන් සිතා සිටියේ කාඳිනන් තුමන් තමන්ට සුභාරංචිය රැගෙන පැමිණෙනු ඇතැයි සිතාය. කාදිනල් පැමිණියහ. නමුත් ජනයාට සිදුවූයේ එම ජනයා කබලෙන් ලිපට වැටීමටය.

”ඒ ගැන අපිට හරිම සන්තෝෂයි. කාදිනල් හිමිපාණන් අපි වෙනුවෙන් මැදිහත් වෙලා අපගේ ජිවීතවලට සිදුවී තිබෙන පීඩාව, අවමානය හා හිරිහැර සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂව දැනුවත් කරලා හැකි ඉක්මනින් අපේ මුල් ගම වන මුල්ලිකුලම ගමට යන්නට අපිට සහාය වෙනවා කියලා අපිට විශ්වාසයි.” අවතැන් වැසියන් පවසා සිටියහ.

කාදිනල් රංජිත් මැල්කම් ද ගෝඨාභය රාජපක්ෂද පැමිණියහ. ජනයා සිතුවේ තමන්ට නැවත තමන්ගේ ගම්මානය ලැබේ කියාය. නමුත් සිදුවූයේ ඔවුන්ට ඔවුන්ගේ මුල් ගමට නොලැබෙන බවට සහතිකයක් ලැබීමයි.

දැවැන්ත හමුදා කඳවුරක් ආසන්නයේ එම ජනයාට පදිංචිවීමට සිදුවීම දැඩි හමුදාකරණයකට ඔවුන්ගේ ජීවිත යටත්වීමට නියමිතය. අනෙක් කරුණ තමන්ගේ ගම්මානය පෙනෙන මානයේ සිට එයට එයින් පැහැදිලි වන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකරන දෙමළ ජනයාගේ ඉඩම් කොල්ලයට කාදිනල් මැල්කම් රංජිත්ගේද සහය හිමිවන බවයි.

 

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements