you're reading...
දේශපාලනය

උතුරු වසන්තය සල්ලි ගිලී

Basil

පූනගරි ප්‍රදේශිය ලේකම් කොඨාශයේ තම්බිරායි ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථානය ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙහි හදිසි උතුරු ප්‍රතිසාධන ව්‍යාපෘතිය යටතේ පසුගිය මාසයේදී අලුත්වැඩියාකර විවෘත කෙරුණි.

එම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පෙර තිබූ යුද්ධයේ විනාශ වූ ගොඩනැගිල්ලම අලුත්වැඩියකර පිළිසකර විවෘත කර තිබේ. නමුත් ප්‍රදේශයේ ජනයා චෝදනා කර සිටින්නේ එම ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමේදී මුදල් වංචාවක් සිදුවී ඇති බවවි. එම ගොඩනැගිල්ල අලුත්වැඩියාව වැයවූ මුදල ලෙස දැක්වෙන්නේ 37,80700.00 කි. එම දැවැන්ත මුදල ප්‍රමාණය සහ සිදුකර ඇති අලුත්වැඩියාවන් සැසැදීමේදී නියත ලෙසම මුල්‍ය වංචාවක් සිදුවී ඇති බව පෙනීයන බව බොහෝ දෙනෙකු පවසා සිටිති.

මෙහිදී පැනනගින අනෙක් ප්‍රශ්ණයවන්නේ මෙලෙස උතුරේ සංවර්ධනයට කියමින් වෙන්කරන අතිදැවැන්ත ප්‍රතිපාදනයන්ගේ අදාළ කාර්යාන් සිදුවෙනවායද යන්නයි.

– රුපියල් 3780700ක වියදමින් ඉදිකරන ලද ගොඩනැගිල්ල

ආර්ථික සංවර්ධන අමාතංශයේ හදිසි ප්‍රතිසාධන ව්‍යාපීතිය යටතේ තාම්බිරායි ග්‍රමෝදය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ අලුත්වැඩියාව සදහා වෙනකල මුදල 37,80700.00 කි. නමුත් ප්‍රදේශයේ ජනයා සහ ප්‍රදේශයේ දේශපාලඥන් පෙන්වා දෙන්නේ එම මුදලින් ​පැරණි ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට නොව නවීන ගොඩනැගිල්ලක් ඉදිකළ හැකි බවයි.

උතුරු වසන්තයේ නිරුවත

හදිසි උතුරු ප්‍රතිසාධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය නිරීක්‍ෂණය කිරීමට දිස්ත්‍රික්ක මට්ටමින් නියෝජ්‍ය කළමණකාර අධ්‍යක්‍ෂක, තාක්‍ෂණික නිළධාරීන්, හා නිරීක්‍ෂණ නිළධාරීන් ඇතුලු බොහෝ නිළධාරීන් පත්කර සිටියදී ඔවුන්ට මෙම මුදල සම්බන්ධව අවධානයක් නොමැත්තේ ඇයි? මෙම මුදල අනුමත කර ඇත්තේ කවුද?

අනිවාර්යයෙන් මෙම ව්‍යාපීතය ක්‍රියාත්මක වන්නේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂක සහ උතුරු පලාත් ආණ්ඩුකාරවරයා මෙම ව්‍යාපෘති සදහා සෘජු දායකත්වයක් සපයයි.

ගොඩනැගිල්ලට ඉදිකිරීමට වැයවූ මුදල සහ ඉදිවූ ගොඩනැගිල්ල අතර දැවැන්ත පරස්පරයක් පරයක් පවතින බව එම ප්‍රදේශයේ ජනයා පෙන්වා දෙති. ඔවුන් ප්‍රශ්ණ කර සිටින්නේ එම මුදල් වලට වගකියන්නේ කවුද යනුවෙනි.

Photo Courtesy | businesstoday.lk
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements