you're reading...
දේශපාලනය

ශ්‍රීධරන්ට එහෙරහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි – සරවනභවන්

saravanabawan

දෙමළ ජාතික සන්ධානයෙහි පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ගේ කිලිනොච්චිය කාර්යාලය ත්‍රස්ථ විමර්ශ අංශය විසින් අවස්ථාවන් දෙකකදී හදිසි සෝදිසියට ලක්කිරීම ඉන්පසු පැවැති උද්ඝෝශනය, ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීම වැනි සිද්ධින් සියල්ල සලකා බැලීමේදී මන්ත්‍රීවරයාට එරෙහිව සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතීදැයි පැහැදිලි සැකයක් මතුවී ඇතැයි දෙමළ ජාතික සන්ධානයෙහි යාපනය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී ඊ.සරවනභවන් පවසා සිටී.

මේ සම්බන්ධව ඔහු විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ” මෑතකදී ශ්‍රීධරන් මන්ත්‍රීවරයා​ගේ කිලිනොච්චිය කාර්යාලය ත්‍රස්ථ විමර්ශන අංශය විසින් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී එම කාර්යාලයේ තිබී පුපුරණ ද්‍රව්‍ය හා අසභ්‍ය සිඩි තැටිද සොයාගත් බවට ආරක්‍ෂක අංශය පවසා තිබුණි. එම කාර්යාලයේ පුද්ගලයන්ගෙ ප්‍රශ්ණ කිරීම් සිදුකළ අතර පුද්ගලවන දෙදෙනෙකු අත්අඩංගුවට ගෙනද ඇත.

ඉන්පසුව එම කාර්යාලය කාර්යාලය වසාදමන්න යැයි කියමින් කිසියම් පිරිකම් විරෝධතාවයකද නිරත විය. මෙම සියල්ල දෙස බැලීමේදී මෙම සිදුවීම එක පෙලකට සැලසුම් සහගතව සිදුවී තිබෙන බවක් පෙනේ.”

එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ත්‍රස්තවාදී ලේබල් ගසා ශ්‍රීධරන් මන්ත්‍රීවරයා නිහඩ කිරීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවට උතුරේ ජනතාව විශ්වාස කරන බවයි. ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ම පසුව සාක්ෂි කරුවන් ලෙස ඉදිරිපත්කිරීම තුළ එම අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට බලපෑම්කර ඇතිබවට පැහැදිලිවන බවත් එහි වැඩිදුරටත් වෙයි.

යාපනය දිස්ත්‍රික් දෙමළ සන්ධාන මන්ත්‍රීවරයා සිය මාධ්‍ය නිවේදනය මගින් අවධාරණය කර සිටින්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් උතුරේ ජනයා සමග සිදුකරන දේශපාලනය නැවැත්වීමට කිසිදු පුද්ගලයෙකුට හෝ කුමන්ත්‍රණයටකට නොහැකි බවයි.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements