you're reading...
අදහස්

කලු ජනවාරියේ අපි ඉල්ලන්නේ යුක්තිය – නටරාජා ගුරුබරන්

Guru
ශ්‍රී ලංකාවේ මාධ්‍යට මරණීය මාසය වූ ජනවාරි මාසය ‘කලු ජනවාරිය’  ලෙස  නම් කරමින් මාධ්‍ය සංවිධාන ​විසින් මෙවරත් විරෝධතාවයක්  සහ සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබේ. උතුරේදී ක්‍රියාත්මක වූ ඒ මර්ධනය දකුණ බලා පැමිණ ඇති මේ මොහොතේ මේ ජනවාරිය ඉතිහාසයේ කලුම ජනවාරිය බවට පත්ව ඇත. මේ ඒ සම්බන්ධව  දෙමළ ජනමාධ්‍යවේදියෙකු වන  ග්ලෝබල් ටැමිල් නිවුස් සේවයේ ප්‍රධාන කතෘ නටරාජා ගුරුබරන් දැක්වූ අදහස්ය.

Vanni Post – ලංකාවේ මාධ්‍ය මර්ධනය ඔබ දකින්නේ කෙලෙසද ? විශේෂයෙන්ම දෙමළ ජනමාධ්‍යවේදීන්ට  එරෙහි.?

ලංකාවේ මාධ්‍ය මර්ධනය අද ඊයේ ආරම්භවූවක්  නොවෙයි. විශේෂයෙන් දමිළ ජනමාධ්‍යවේදීන් මර්ධන දිගු ඉතිහාසයක් දක්වා ඇදී යනවා. ඉන්දීය හමුදා පැමිණි කාලසමය වැනි කාලයක් දක්වා. නමුත්  ප්‍රධාන ලෙස දෙමළ ජනමාධ්‍ය​ෙව්දීන් සැලසුම් සහගත ලෙස මාර්ධනය  ආරම්භ වෙන්නේ 2000 වසරේදි නිමලරාජන් ඝාතනය කිරීමෙන්. එයින් අදහස් වෙන්නේ නෑ ඊට පෙර දෙමළ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව මර්ධනයක් නොතිබුණු බවට. නමුත් නිමළරාජන් ඝාතනය දෙමළ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව දියත් කෙරුණු මර්ධනයේ සන්ධිස්ථානයක්.

චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලය තුලදී  දැවැන්ත මාධ්‍ය මර්ධනයක් සිදුකරනු ලැබුවා. ඇයගේ පාලන සමයේදී තමයි යාපනයේදි  නිමලරාජන් වෙඩි තබාමරා දැම්මේ.

එපමණක් නොවෙයි නිමලරාජන් ඝාතනයෙන් ඇරඹි මර්ධනය උතුරේ ජන ජීවිතයටද දැඩිව බලපෑවා. මන්ද එවකදීද   උතුරේ පැවති මර්ධනය ඔහු විසින් හෙළිදරව් කරනු ලැබුවා.

නිමලරාජන්ගේ ඈරඹි මාධ්‍ය මර්ධනය නඩේසන්,සූගීධරාජන්, ධර්මරත්නම් සිවරාම , බාලරාජා ,අයියර්  වැනි දෙමළ ජනමාධය්‍යවේදීන් ඝාතනය කිරීම සුහීබ් එම්. කසීම් , උදයන් පුවෘත්ති කතෘ කුගනාදන්ට පහර දීම, විධ්‍යාදරන් වැනි මාධ්‍යවේදී් පැහැර ගැනීම ඒ වගේම යාපනයේ උදයන් පුවත්පත වැනි දෙමළ  මාධ්‍ය ආයතතය නොනවත්වා ඉලක්ක ගතව පහරදීම තර්ජනය කිරීම ආදී මේ සියල්ල සිදුවූවා. ​උතුරේ මෙන්ම දකුණේද මාධ්‍ය මර්ධනයට රජයේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ සෘජුවම සම්බන්ධයි.

මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තමයි උතුරු – නැගෙනහිර බේදයක් නොමැතිව , සිංහල – දෙමළ බේදයක් නොමැතිම ඉතිහාසයේ දැවැන්තම මාධ්‍ය මර්ධනය ක්‍රියාත්මක කරමින් සිටින යුගය.ඒ ව​ෙග්ම මහින්ද රාජපක්ෂ කාලයේදී තමයි ලංකාවේ වැඩිම ජනමාධ්‍ය​ෙව්දීන් පිරිසකට සිය ජීවිත ආරක්ෂාව පතා රටින් බැහැරට යාමට සිදුවූ යුගය.

Vanni Post –  දෙමළ ජනමාධ්‍යවේදීන්ට එරෙහි මර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස 2006 වර්ෂයේදී ඔබ පැහැර ගැනීමට ලක්වෙනවා. එම සිදුවීම විස්තර කරන්න?

මහින්ද රාජපක්ෂ රජය විසින් පැහැර ගැනීමට ලක්වූ ප්‍රථම මාධ්‍යවේදියා මම. මම ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනු ලබනවා මා පැහැර ගනු ලැබුවේ ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ විසින් බව. මාව අරන් ගියේ මට දැනුනු විදිහට බත්තරමුල්ල-නුගේගොඩ අවට ප්‍රදේශයේ ස්ථානයකට.

නමුත් ජාත්‍යන්තරව බටහිර තානාපති කාර්යාල, ඉන්දීය රජය වගේම විශේෂයෙන්ම ලංකාවේ මාධ්‍ය සංවිධාන මා පැහැර ගැනීමට ලක්වූ බව ආරංචි වීමත් සමගම මා නිදහස් කරන ලෙස බලකරමින් පැවැත්වූ විරෝධතා හමුවේ රාජපක්ෂ රජය සිදුවූවා මා නිදහස් කරන්න.

මා පැහැර ගැනීමට ලක්වන්නේ 2006 අගෝස්තු 30 වැනිදා පාන්දර 4.30 ට පමණ. එතැන් සිට පැය 24 ක් ඔවුන් මා රදවා ගෙන සිටියා.

පසුව මා කොහුවල පොලීසිය ආසන්නයේදී අතහැර දමා ගියා.

විශේෂයෙන්ම මෙය කාරණය සදහන් කළ යුතුමයි.මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ විගස ඔහු, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, එවක හමුදාපති සරත් ෆොන්සේකා එක්ව වාර්තාවක් සකසනු ලැබුවා. එම වාර්තාවනම් ඔවුන්ට අවශ්‍ය ලෙස යුද්ධය කරගෙන යෑමට මාධ්‍ය මර්ධනය කරන්නේ කෙසේද කියා. එහි විශේෂම අවධානය යෙමුවී තිබුණේ  දෙමළ ජනමාධ්‍ය. එහි ප්‍රථිපළයක් ලෙස තමයි සිවරාම් ඝාතනය වන්නේ, මා පැහැර ගැනීමට ලක්වන්නේ වගේම තවත් ජනමාධ්‍ය​ෙව්දීන් ගණනාවක් අතුරුදහක්කිරීම්,පැහැර ගැනීම්,ඝාතනයන්,අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ. එලෙසම එහි ප්‍රථිපලයක් ලෙස තමයි තවත් ජනමාධ්‍යවේදීන් ගණනාවකට සිය ජීවිත ආරක්ෂාව පතා රටින් පලායාමට සිදුවන්නේ.

ආරක්ෂක අංශ විසින් එම වාර්තාවේ අඩංගු දෑ ක්‍රියාවට නැගුවා.

Vanni Post –  දෙමළ බුද්ධිමතෙකු මෙන්ම ජනමාධ්‍යවේයෙකු වන ධර්මරත්නම් සිවරාම් හෙවත් ‘තාරකී‘ ඝාතනය ඔබ දකින්නේ කෙලෙසද ?

ධර්මරත්නම් සිවරාම් ඝාතනය දෙමළ ජනමාධ්‍ය පමණක් නොවෙයි ලංකාවේ සමස්ථ ජනමාධ්‍ය ක​්ෂේත්‍රයටම එල්ලවූ ප්‍රහාරයක්. සිවරාම් ඉතාම දුර්ලභ ගණයේ මාධ්‍යවේදියෙක් වගේම බුද්ධමතෙක්. විශේෂයෙන් දෙමළ ජනමාධ්‍ය තුළ ඉංග්‍රීසි භාෂාවෙන් ලෝකය වෙත ආමන්ත්‍රණය කිරීමේ විශිෂ්ඨ හැකියාවක්  තිබූ ජනමාධ්‍යවේදියෙක්.

ඔහුට දෙමළ භාෂාව සම්න්ධව වගේම ඉංග්‍රීසි භාෂාව සම්බන්ධවත් තිබූ දැනුම මෙන්ම දෙමළ අරගලයේ ඉතිහාසය සම්බන්ධව, එහි දේශපාලනය ආදිය ඔහුගේ දැනුම් ඉතා පුලුල් එකක්. එලෙසම ඔහු විප්ලවාවාදී ​ෙද්ශපාලන ක්‍රියාධරයෙක් ලෙස කටයුතු කරමින් ලබාගත්  අත්දැකීම. මේ සියල්ල දෙමල සමාජයට දුර්ලභ ගණයේ ජනමාධ්‍යවේදියෙකු මෙන්ම විශිෂ්ඨ ගණයේ බුද්ධිමතෙකු තිළණ කර තිබුණා. ඔහු ලෝකයට ආමන්ත්‍රණය කරනු ලැබූ ජනමාධ්‍යවේදියෙක්.  ඔහුව ඝාතනය කිරීම ​සමස්ථ දෙමළ සමාජයටම පිරිමැසිය නොහැකි පාඩුවක්.

ඔහුගේ ඝාතනය පැහැදිළිවම රජයේ උවමනාව මත ​ඔවුන් සහ ඔවුන්ගේ සහය ලැබූ දෙමළ පාරාමිලිටරි කණ්ඩායමක් එක්ව  සිදුකළ ක්‍රියාවක්.

Vanni Post –  මාධ්‍යයේ මරණීය මාසය හෙවත් කලු ජනවාරිය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

කලු ජනවාරියේදී අප ලංකා රජයට විරෝධය පළකළ යුතුයි සිදුවන සිදුවූ සහ සිදුවන මාධ්‍ය මර්ධනයට එරෙහිව. ඒ වගේම  අතුරුදහන්වූ ජනමාධ්‍යවේදීන්ට කුමක් සිදුවූවේද යන්න කිසිදු පරීක්ෂණයක් පවත්වා  නෑ. සිවරාම්,නිමළරාජන්,ලසන්ත ඇතුලු අනෙක්  ජනාමාධ්‍යවේදීන්ද ඝාතන කරනු ලැබූ පුද්ගලයන් තවමත් නිදහසේ සිටිනවා. මේ සියලු මර්ධනයන් පිටුපසු සිටින්නේ ශ්‍රී ලංකා ආරක්ෂක අංශ බව සැවොම දන්නා කරුණක්. ආරක්ෂක අමාතංශයේ ලේකම්ධූරය දරන්නේ රාජපක්ෂ ජානාධිපතිවරයාගේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ. එම නිසා අප බලකර සිටින්​න ඕනේ මෙම ඝාතනයන් පැහැර ගැනීම සිදුකළ පුද්ගලයන් නීතිය හමුවට පමුණන ලෙස වගේම ඒවාට අණදුන් පුද්ගලයන්ටද දඩුවම් කරන ලෙස.

විශේෂයෙන් ජනාධිපති රාජපක්ෂට සහ අාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මෙම චෝදනාවන්ගේ ඉතා සරල ලෙස අතසෝදා ගැනීමට හැකියාවක් නෑ.

එම නිසා අප මේ කලු ජනවාරියේදී අප බලකර සිටින්න ඕනේ මරාදැමූ, පැහැරගනු ලැබූ,අතුරුදහන් කරනු ලැබූ අ​ෙප් සියලු සහෝදර මාධ්‍යවේදීන්ගේ ජිවිත වලට සාධාරණය සහ යුක්තිය ඉටුකරන ලෙස.

සංවාද සටහන – රාමසාමි මාලන්
—————————————————————————————————————————————————————
 
නටරාජා ගුරුබරන් ජේ්‍යෂ්ඨ දෙමළ ජනමාධ්‍යවේදියෙකු වන අතර ප්‍රධාන මාධ්‍ය ආයතන කීපයකම  ප්‍රවෘත්ති කතෘවරයෙකු ලෙස සේවය කරනු ලැබූ අතර 2006 වර්ෂයේ ඔහුව පැහැර ගෙන පසුව නිදහස් කිරීමෙන් පසුව ඔහු සිය ජීවිත ආරක්ෂවා පතා ලංකාවෙන් පිට විය. දැන් යුරෝපයේ ජීවත්වන ඔහු ප්‍රධාන දෙමළ වෙබ් අඩවියක් වන ග්ලෝබල් ටැමිල් නිවුස් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක වරයා වෙයි.
 
—————————————————————————————————————————————————————
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements