you're reading...
හමුදාකරණය

උතුරේ ජනයා තවමත් දිවිගෙවන්ට සිදුවී ඇත්තේ කදුලු සමග – යාපනය රදගුරු

American Deligation

” පුද්ගලයන් අතුරුදහන් කිරීමේ භීතිකාව තවමත් ශ්‍රි ලංකීය ජනයා වෙලාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීම සහ අත්අඩංගුවට ගැනීම් කිසිදුවක් සිදු නොවන බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පසුගිය දා පවසා සිටියා.”

” නමුත් තම ආදරණීයයන් අතුරුදහන් කරවීම නිසා සහ අත්තනෝමතික ලෙස සිදුවන අත්අඩංගුවට ගැනීමේ නිසා වෙන් විශාල ජනතාවකට තවමත් කදුලු සමග සිය ජීවිත ගෙවා දැමීමට සිදුවී තිබෙනවා.”

“යුද්ධය තවමත් අවසන් නෑ. තවමත් පුද්ගලයන් අතුරුදහන් කිරීම් සිදුවනවා.පසුගිය මාස කීපයේදී පමණක් අතුරුදහන් කිරීම, පැහැර ගැනීම්, අත්අඩංගුවට ගැනීම් විශාල ප්‍රමාණයක් සිදුවූවා.”

යාපනය රදගුරු පූජ්‍ය තෝමස් සවෞන්ද්‍රනායගම් හිමිපාණන් ලංකාවට පැමිණ සිටින ඇමරිකානු නියෝජිතයන් පිරස ඊයේ සවස යාපනය රදගුරු නිවසසේ දී හමුවූ අවස්ථාවේ පවසා සිටියේය.

පාර්ලිමේන්තුව හරහා සුලුතර ජනයාගේ අයිතීන් උල්ළංඝණය වන පරිදි නිතී සම්මත කරගනිමින් සිටින බවත් සැබෑ සංහිදියාවක් ජාතීන් අතර ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සහ රටේ නීතිය සහ සාධාරණත්වය පිහිටවීමට අන්තර් ජාතික ප්‍රජාව රජයට බලපෑම් කළ යුතු බවත් රදගුරු හිමිපාණන් ඇමරිකානු නියෝජිතයන් හමුවේ පවසා සිටියේය.

උතුරේ හමුදාකරණය නොනැවතී ඉදිරයටම යන බවත් පසුගිය නොවැම්බර් මාසයේදී හමුදාව විසින් යාපනය සිසුන්ට පහර දීම සහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ සිදුවීම් දාමයද රදගුරුතුමන් විසින් නියෝජත පිරිස වෙත පැහැදිළි කර සිටියේය.

උතුරු පළාත් මැතිවරණය පැවැත්වීම රජය විසින් හිතාමාතම කල්මරමින් සිටින බවත් උතුරේ සිදුවන නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලය තවමත් අවසන් කිරීමට අසමත් වී සිටින බවත් යාපනය රදගුරු පූජ්‍ය තෝමස් සවෞන්ද්‍රනායගම් හිමිපාණන් ඇමරිකානු නියෝජිත පිරිසට වැඩිදුරටත් පවසා සිටියේය.

හමුදාවේ වාර්තාවට ඇමරිකාවේ විමතිය

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව පවතින යුධ අපරාධ සහ මානව වර්ගයට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධව විමර්ෂණයක් සිදුකළ යුතුයැයි උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ වාර්තාවෙන් පෙන්වා දී තිබියදී එම වාර්තාව අභියෝගයට ලක්කරමින් හමුදාව විසින් වාර්තාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධව මේ දිනවල ශ්‍රි ලංකාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන ඇමරිකානු නියෝජිත පිරිස සිය විමතිය පළකර ඇත.

කොළඹදී දෙමළ ජාතික සන්ධානයේ නියොජිතයන් හමුවූ එම නියෝජිත පිරිස මෙම ක්‍රියාකලාපය සම්බන්ධව තමන් පුදුමයට පත්වූ බව පවසා සිටි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් බීබීසී සන්දේශය සමග පවසා සිටියේය.

පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේදී සම්මත වූ යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය අසමත් වී ඇති බවත් රාජපක්ෂ රජය විසින් උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන බවට හොඳ උදාහරණයක් බවත් දෙමළ ජාතික සන්ධානය නියෝජිත පිරිස හමුවේ පවසා සිටියහ.

පසුගිය දා මෙම වාර්තාව හමුදාපති මේජර් ජෙනරල් ජගත් ජයසූරිය විසින් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත බාරදෙන ලදී.

යුධ අපරාධකරුවන්ට යුධ පුහුණු නෑ

පසුගිය දා ඇමරිකානු හමුදා පුහුණුවක් සදහා නියමිත් ශ්‍රී ලංකා හමුදා පිරිස් එම පුහුණුවෙන් ඉවත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව මානව වර්ගයට එරෙහි අපරාධ සහ යුධ අපරාධ සිදුකළ බවට චෝදනා තිබෙන නිසායැයි වාර්තා වෙයි.

ඇමරිකානු නීතියට අනුව යුධ අපරාධයන් සිදුකළ හමුදාවන් සඳහා ඇමරිකාව තුළදී හමුදා පුහුණු ලබාදීම තහනම්ය. American Lehi law category, අනුව ඇමරිකානු හමුදා විසින් අනෙක් රටවල උසස් හමුදා නිළධාරීන් සදහා පුහුණු ලබාදෙයි.

දෙමළ ජන ඝාතනයට ඇමරිකාවත් වගකිව යුතුයි- දේශපාලන විචාරකයන්

ඇමරකානු විශේෂිත නියෝජිතයන්ගේ සංචාරය පිළිබද අප සමග අදහස් දැක්වූ දේශපාලන විචාරකයෙක් පවසා සිටියේ ශ්‍රී ලංකා රජයේ ජන ඝාතක යුද්ධයේදී ප්‍රධාන සහයකයෙකු ලෙස ඇමරිකාව කටයුතු කළ බවත් දහස් ගණනක් ජනයා ඝාතනය වූ පසු හමුදා පුහුණු ලබා නොදීම, ජිනීවා යෝජනා මේවා කිසිවක් පළක් නොවන බවත් ඒ කිසිවකින් දෙමළ ජනයාට සාධාරණයක් ඉටුනොවන බවත් ඒවා රාජපක්ෂ රජයට කල්මැරීමට අවස්තාවක් බවයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිදුකළ වර්ග සංහාරක යුද්ධයයේදී දෙමළ වැසියන් ඝාතනය වී සම්බන්ධව ශ්‍රී ලංකා රජය වගේම එම ජන සාතක යුද්ධයට සහය දුන් ඇමරිකාව එක්සත් ජනපදය,බ්‍රිතාන්‍ය ඇතුළ බටහිර රටවල්ද , චීනය රුසියාව, කියුබාව,වෙනුසෙයුලාව වැනි ඊනියා සමාජවාදී රටවල්ද වගනිය යුතු බවයි.

විශේෂයෙන් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා ආණ්ඩුව මෙහෙය වූ ජනඝාතක යුද්ධයට යුධ ආධාර ලබාදුන් බවත්, රාජපක්ෂ රජයේ සහ ඇමරිකානු පුරවැසියෙකු බව ආරක්ෂක අමාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ඈමරිකානු විරෝධය හුදු රගපෑමක් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. ඒ වගේම ඔහු පවසා සිටියේ මෙවර පැමිණ ඇති නියෝජිත පිරිසද නිරීක්ෂණය කර ආපසු යනු ඇති අතර දෙමළ ජනයාට සාධාරණය ඉටුකිරීමට කිසිදුවක් නොවන ඇති බවයි.

Photo Courtesy | Tamilnet

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements