you're reading...
විදෙස්

විමුක්ති කොටි තහනම ගැන කරුණු දක්වන්න – ඉන්දීය රජයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

Vaiko

එම්ඩීඑම්කේ පක්ෂයේ මහ ලේකම් වෛයිකෝ විසින් දෙමළ විමුක්ති කොටි සංවිධානය ඉන්දියාව තුළ තහනම් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ගත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විමුක්ති කොටි සංවිධානය තහනම් කිරීම මාස දෙකක් තුළ ඒ සම්බන්ධව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස ඉන්දීය මධ්‍යම රජයට සහ තමිල්නාඩු ප්‍රාන්ත්‍ රජයට නියෝග කරනු ලැබීය.

නවදිල්ල නුවර ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මෙම පෙත්සම විභාග කරනු ලැබූ වැඩබලන අගවිනිසුරු ධර්මා රාඕ සහ විනිසුරු අරුණ ජෙගදීසන් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

1992 වර්ෂයේ සිට දෙමළ විමුක්ති කොටි සංවිධානය ඉන්දියාව තුළ තහනම් සංවිධානයක් බවට පත්කර ඇති අතර එය මේ දක්වාම තහනම පවත්වාගෙන යයි.

2010 වර්ෂයේදී නැවත වරක් දිගුකරන ලද දෙමළ විමුක්ති කොටි සංවිධානයේ තහනමට එරෙහිව වෛයිකෝ විසින් පෙත්සමක් ගොනු කළ අතර එම පෙත්සමට අදාළ සියලු සාක්ෂි විමසීමෙන් අනතුරුව තීන්දුව ලබාදීම කල්තැබූ බවත් එලෙස තිබියදී නැවත 2012 වර්ෂයේදී නැවත වතාවක් දෙමළ විමුක්ති කොටි සංවිධානයට එරෙහිව පැවති තහනම දීර්ඝ කළ බවත් එයට ද එරෙහිව අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය සදුදා අධිකරණය ඉදිරියේ තවදුරටත් කරුණු දක්වමි වයිකෝ ප්‍රකාශ කර සිටියේ පසුගිය වසර 04ක කාලය මුලුල්ලේ දෙමළ විමුක්ති කොටි සංවිධානයට අයත් කිසිවෙකු ඉන්දියාවේදී අත් අඩංගුවට ගෙන නොමැති බවත් කිසිදු නීතියට පටහැනි ක්‍රියාවකට ඔවුන් සම්බන්ධ වී නොමැති බවත්ය. ඒ අනුව විමුක්ති කොටින් වෙත පනවා තිබූ තහනම මධ්‍යම රජය විසින් ඉවත් කර ගත යුතු බවත්, එබැවින් 2012 නොවැම්බර් 07 විසින් නිකුත් කරනු ලැබූ අධිකරණ ඇති නියෝගය අහෝසි කලයුතු බවත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත්කරමින් පවසා සිටියේය.

එල්ටීටීඊ සංවිධානය ඉන්දියාට තර්ජනය නොවන බවත් ඔවුන්ගේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ නිජභූමිය තුළ දෙමළ ඊළමක් පිහිටවීම බවත් පවසා සිටි ඔහු දෙමළ විමුක්ති කොටි සංවිධානයට එරෙහිව පනවා ඇති තහනම ඉවත් කර ගත යුතු බවට තවදුරටත් කරුණ පෙන්වා දුන්නේය.

මෙම පෙත්සම විභාගයේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් වයිකෝ විසින්ම පෙනී සිටින ලදී.

විදෙස් ගත දෙමළ ඩයස්පෝරා ප්‍රජවා ඉන්දීය මධ්‍යම ආණ්ඩුව විව්චෙනය කිරීම කිසිදු වරදක් නොවන බව පෙන්වා දුන් වයිකෝ ශ්‍රි ලංකාව තුළ සිදුවූ දෙමළ වර්ග සංහාරයට ඉන්දීයාවේ ඉහළ දේශපාලඥයන් වගකිය යුතු බවත් ඔහු පවසා සිටියේය.

Photo Courtesy | AP
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements