you're reading...
හමුදාකරණය

A9 මාර්ගය දෙපස පමණක් හමුදා කදවුරු 30 ක්

A9

නුවර – යාපනය A9 මාර්ගය දෙපස පමණක් වවුනියාවේ සිට යාපනය දක්වා කුඩා සහ විශාල  ප්‍රමාණයේ හමුදා කඳවුරු 30 ක් පවතින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රිධරන් පවසා සිටී.

ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ පූනගරි ප්‍රදේශයේදී පමණක් ශ්‍රී ලංකා හමුදා සෙබළුන් 30,000 ස්ථාන ගතකර ඇති බවයි. පූනගර් ප්‍රදේශයේ අක්කර 806 ක් හමුදා විසින අත්පත් කරගෙන විශාල කඳවුරු 10ක් ඉදිකර ඇති බවත් වවුනියාවේදී සෙන් ජෝසප් හමුදා කඳවුර, මාන්දයි හමුදා කඳවුර, තාන්ඩිකුලම් හි 56වැනි රෙජිමේන්තු කඳවුර , පුලියම්කුලම්හි විශේෂ හමුදා බළකා කදවුර, ගුරුසිඩම් කුලම්හි විශේෂ හමුදා බළකා කඳවුර, කනකරායන්කුලම්හි 19 වැනි ගජබා රෙජිමේන්තු කදවුර,561 වැනි රෙජිමේන්තු කදවුර, 19වැනි ශ්‍රී ලංකා හමුදා බළකාය, පෙරියකුලම්හි විශේෂ හමුදා බළකා කදවුර ලෙස විශාල ප්‍රමාණයේ කඳවුරු එම ප්‍රදේශ පුරා පිහිටුවා ඇත.

මාන්කුලම්හි 574 වැනි රෙජිමේන්තු, 53වැනි රෙජිමෙන්තු කඳවුරු ද කොක්කාවිල්හි 632වැනි රෙජිමේන්තු කඳවුර සහ අරිවියල්නගර්හි විශේෂ හමුදා බළකා කඳවුරක්ද කිලිනොච්චිය,ඉරනමඩු හි බුද්ධි අංශ බළකාය කදවුරක් ද කිලිනොච්චියෙහිම 571 වැනි රෙජිමේන්තු කඳවුරක්ද පිහිටා ඇත.

ඊට අමතරව අලිමංකඩ,මාන්කුලම්,පුලොපලෙයි,පලෙයි, මුහමාලෛයි එළුදුමට්ටුවාල්, වරනි, නූනාවිල්, නනාවිල්වල යන ප්‍රදේශයන්හිදී විශාල හමුදා කඳවුරු පිහිටා තිබෙන බවත්, මිරුසුවිල්හි ගැමුණු හේවාබලකාය,කයිත්ඩිහි 3 වැනි රෙජිමේන්තුව, 52 වැනි රෙජිමේන්තුව, 532 වැනි සේනාංක මූලස්ථානය ද පිහිටා තිබෙන බව ශ්‍රීධරන් මන්ත්‍රීවරයා තවදුරටත් පෙන්වා දෙයි.

මෙම හමුදා කඳවුරු සියල්ල ජනතාවට අයත් ඉඩම්වල හා පොදු ඉඩම්වල ඉදිකර තිබෙන අතර යුද්ධය නිමාවී වසර හතරකටත් ආසන්න වී ඇති නමුත් මෙතෙක් හමුදා කඳවුරු කිසිවක් ඉවත් කර නොමැත. මෙම හමුදා කඳවුරු පිහිටා තිබීම නිසාවෙන් එම ප්‍රදේශයන්ගේ ජනතාවට විශාල පීඩනයකට මුහුණ දීමට සිදවී තිබේ.

විශේෂයෙන් මෙම හමුදා කඳවුරු මගින් නිරන්තරයෙන් එම ප්‍රදේශයේ ජනයාගේ ජනජීවිතය නිරීක්ෂණය කරන අතර විශේෂශයෙන් එම හමුදා කඳවුරු වලට අනුයුක්ත හමුදා බුද්ධි අංශ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරන බව එම ප්‍රදේශයන්ගෙන් වාර්තා වෙයි.

Source | lankanewsweb

Discussion

No comments yet.

Leave a comment

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA