you're reading...
අදහස්

ජාතික ගැටලුව ගැන ඔබගේ ස්ථාවරය කුමක්ද? කුමාර් ගුණරත්නම්ට විවෘත ලිපියක්

Kumar G

ඔබට මාව නොදන්නාවා විය හැකිය. නමුත් ඔබව පැහැරගෙන ගොස් නිදහස්වූ පසු දුරකථනය හරහා මම ඔබ සමඟ කතා කළෙමි. එය ඔබට මතකදැයි දන්නේ නැත. එපමණක් නොව ඔබගේ නිදහස ඉලක්ක කර සැනින් සැන පුවත් තොරතුරු නිකුත් කළ  මාධ්‍යන් අතර අපගේ Globle Tamil News මාධ්‍ය ජාලයද ඇතුලත්ය.

ඔබට මාව නොදන්නා නමුත් ඔබ සාමාජිකත්වය ලබා සිටි ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂයෙහි මධ්‍යම කාරක සභා සාමාජිකයන් සිට එහි උසස් නායකයන්හි සිට එහි සාමාන්‍ය සාමාජිකයන් දක්වා බොහෝ දෙනෙකු මාව හොඳින් දනිති. මා පැහැර ගැනීමට ලක්වූ අවස්ථාවේදී ඇතමුන් එයට එරෙහිව කථාකරද  තිබුණි.

තරුණ කාලයේදී පටන්ම  මාගේ දේශපාලනික උනන්දුව නිසා නිසා ඔබ හා ඔබ සහෝදරයා වන රන්ජිතම් ගුණරත්නම්ගේ දේශපාලන  ක්‍රියාකාරකම් ගැන මා දන්නෙමි. . ඔහු කෘර ලෙස ඝාතනයට පත්වීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේහි සටහන්වූ දහස් ගණනක් රුධිර පැල්ලම්වලින් එකකි.

ඔබගේ නායකයා වන රෝහණ විජයවීර හා එවකට පක්‍ෂයෙහි ලේකම් ලෙස කටයුතු කළ ලයනල් බෝපගේ ආදී පිරිස් සම්බන්ධව මුල් කාලයේ සිටම  උනන්දුවක් සහ  ඇල්මක්ද තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්  ලයනල් බෝපගේ විසින් යාපනයේදී පැවැත්වූ රැස්වීම් කිහිපයකටද මම කුඩා කලදීම  සහභාගිවී තිබෙන්නෙමි. එය හැර 1987 – 1989 කාල වකවානුවේදී රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදි ඔබගේ සහෝදරයන් ඉතා දරුණු ලෙස ඝාතනයට පත්වූ අවස්ථාවේදී රැකවරණය පතා උතුරට පැමිණි ඇතම් සාමාජිකයන්ව ආරක්‍ෂා කළ ප්ලොට් සංවිධානයෙහි ශිෂ්‍ය අංශයේ කඳවුරු දෙකක් මගේ යටතේ තිබුණි. ඔවුන්ගෙන්  කිහිප දෙනෙකු ඉන්දියාව හරහා බටහිර රටවල්වලට ගොස්  දැන්  ජීවත්වෙති. තවත් පිරිසක් යළි දකුණට ගියවිට ඝාතනයවූ බව පැවැසේ. මෙලෙස ආරම්භ කාලයේදීම ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධකම් තිබුණු අතර කොළඹදී මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කිරීමට පැමිණීමෙන් එය තවත් ශක්තිමත් වුණි.

ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂයෙහි ක්‍රියාකාරකම් ගැන හා පසුගිය වසර තිහක ශ්‍රී ලංකීය දේශපාලනික වාතාවරණය ගැන  හදාරා සිටින මා හට ප්‍රශ්ණ කිහිපයක් පැන නඟියි. එම ප්‍රශ්ණ කිහිපය මාධ්‍යවේදියකු වශයෙන් ඔබ හමුවට තැබීමේ වගකීමක්ද මට තිබේ.

ප්‍රථමයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෑත කාලයේදී දෙමළ ජනතාව කෙරෙහි දක්වන  ලද සැලකිල්ලට ප්‍රසංශාව පුදකරන්නෙමි. විශේෂයෙන් පක්‍ෂයට සම්බන්ධ බහුජන සංවිධානයක්  ක්‍රියාත්මක වන සම අයිතිය ව්‍යාපාරය  උතුරෙහි හා නැගෙනහිරෙහි  කරගෙන ගෙන යන අරගලයන් ගැන හා දකුණෙදි  කරගෙන යන  ඇතැම් අරගලයන් ගැනද සතුට හා ප්‍රසංශා කරමි.

හිටපු කොටි සාමාජික සාමාජිකාවන් හා දෙමළ දේශපාලනික සිරකරුවන්ගේ නිදහස, සරසවි සිසුන්ගේ නිදහස, අතුරුදහන්වූ හා පැහැරගෙන යෑමට ලක්වූවන්ගේ නිදහස, හමුදා ආධිපත්‍ය ඇතුළු  මෑත කාලීන වශයෙන් දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්‍ධයෙන් එම සංවිධානය ඔනෑකමින් කටයුතු  කර තිබේ. එය නියත වශයෙන්ම ප්‍රසංශාවට පාත්‍රවූ කාරණාවකි. මේ සම්බන්ධයෙන්වූ  සියළු පුවත් තොරතුරු අප වෙබ් අඩවිය හරහා ඉතා උනන්දුවෙන් පළකරමින් සිටින්නෙමු.

නමුත් ඔබ දෙමළ ජනයා කෙරෙහි  දක්වන උනන්දුවෙහි පරිනාණාමය පිළිබඳ සහ දේශපාලනික ගැඹුර සම්බන්ධව  ප්‍රශ්ණ කීපයක් ඉදිරිපත් කිරීම මෙම අවස්ථාවේදී අවශ්‍ය යැයි මම කල්පනා කරමි.

පසුගිය වසර තිහකට අධික කාලයක් ශ්‍රී ලාංකීය දේශපාලනික ඉතිහාසයේදී සුළුතර ජාතිකයන්ගේ යහපත වෙනුවෙන් හඞ නැඟීමට අවස්ථාවක් තිබුණු නමුත් එය ඔබ ඉටු කළේම නැත. අද වන විට  මුල්ලිවායිකාල්හි දැවැන්ත ජන ඝාතනයක් සිඳුවී  දෙමළ ජාතිකයන් තවඳුරටත් මහ ජාතිවාදයට අසුවී සිටින අවස්ථාවක සියලු ජන  කොටසක්ම එක්කරගෙන අරගලය කරන ඔබ සතුව තිබිය යුතු දේශපාලනික පැහදිළිකම ගැන මාගේ ප්‍රශ්ණ කිහිපය ඔබ ඉදිරියේ තැබීමට කැමැත්තෙන් සිටින්නෙමි. දෙමළ ජනතාවගේද මුස්ලිම් ජනතාවගේද ස්ථීර නිදහස සඳහාවූ අරගල පිටිය මේවන විට හිස්වී තිබේ. මෙවැනි වාතාවරණයක ඔබ උපාය මාර්ගයෙන් එම හිඩැස පිරවීමට තැත්කරන්නේදැයි භීතියක් ඇති වේ.

මම මෙලෙස පැවැසීමට හේතුව 2011 ජූලි – අගෝස්තු මස වලට පෙර ඔබගේ දේශපාලනික ස්ථාවරය වේ.

1986දී ජනතා විමුක්ති පෙරමුණයෙහි ප්‍රබල  ක්‍රියාකාරිකයකු  ලෙස පැමිණි ඔබ 1990දී ත්‍රිකුණාමලයේදී අත්ඩංගුවට  පත්වී එවකට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක හමුදා ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා  නිදහස් කරන තෙක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ජවිපෙ යුද නායකයා  වශයෙන් සිටියේය. එපමණක් නොව ජනතා විමුක්ති පෙරමුණයෙහි මධ්‍යම කාරක සභා සාමාජිකයකු ලෙසද දේශපාලනික බල මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරද තිබේ. ජීවිත තර්ජනය නිසා ඔස්ට්‍රෙලියාවට යනතෙක් ජනතා විමුක්ති පෙරමුණයෙහි පූර්ණකාලීන උසස් නායකයකු වශයෙන්ද කටයුතු කර තිබේ. 2011 ජූලි – අගෝස්තු යන මාස වල  සිදුවූ  ආරවුල නිසා 2011 සැප්තැම්බර් මසදී  ඔබට  ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂයෙන් ඉවත්වීමට සිදුවිය .
එලෙස ඉවත්වූ නමුත් ඔබ භාරව සිටි ජනතා විමුක්ති පෙරමුණයෙහි ශිෂ්‍ය ව්‍යපාරය, ඔබගේ ආධිපත්‍යය  යටතේ තිබුණු බහුජන ව්‍යාපාර හා ඔබට සහයෝගය දුන් ස මධ්‍යම කාරක සභා සාමාජිකයන් සමඟ ඉතා සමීපතම සම්බන්ධකම් පවත්වා ජනතා විමුක්ති පෙරමුණයෙහි බලය අත්පත්කර ගැනීමට තැත් කළේය. එය අසාර්ථකවූ හෙයින් නව පක්‍ෂයක් ආරම්භ කළේය.

එහි වරදක් නැත. නව පක්‍ෂයක් ආරම්භකළ විට ජනතා විමුක්ති පෙරමුණයෙහි මධ්‍යම කාරක සභාවෙහි දේශපාලනික උසස් මට්ටම සමඟ ඔබට තිබුණු සබඳතා මෙසේ ය,

සේනාධීර ගුණතිලක (ඕපාත) (මධ්‍යම කාරක සභාසභික) – පක්‍ෂයෙහි ප්‍රබල ක්‍රියාකාරිකයෙකි )

දිමුතු ආටිගල (මධ්‍යමකාරක සභාසභික)  – කාන්තා ව්‍යාපාරයෙහි භාරකරු ලෙස කටයුතු කළ ක්‍රියාකාරිනියකි)

වරැණ රාජපක්‍ෂ (මධ්‍යම කාරක සභාසභික – තරුණ ව්‍යාපාරයෙහි භාරකරුවකු හා බස්නාහිර පළාත් සාමාජික)

චමිර කොස්වත්ත ( මධ්‍යම කාරක සභාසභික – සබරගමුව පළාත් සභා සාමාජික හා අධ්‍යාපන කටයුතු )

දුමින්ද නාගමුව (මධ්‍යම කාරක සභාසභික – ශිෂ්‍ය සංවිධාන)

පුබුදු ජයගොඩ (මධ්‍යම කාරක සභාසභික – අධ්‍යාපන ලේකම්  )

පී. කුලරත්න ( මධ්‍යම කාරක සභාසභික )

අජිත් කුමාර (මධ්‍යම කාරක සභාසභික – ගාල්ල දිස්ත්‍රික් සංවිධායක – පාර්ලිමේන්තු මන්ත්‍රී )

පෙරටුකාමි සමාජවාදී පක්‍ෂයෙහි සංවිධායක ජූඩ් ප්‍රනාන්දු පුල්ලේ ( ජනතා විමුක්ති පෙරමුණයෙහි ප්‍රධාන කාර්යාලයේදි මුදල් කටයුතු ලේකම්)

පෙරටුකාමි සාමාජවාදී පක්‍ෂයෙහි සම්බන්බන්ධීකාරක රවීන්ද්‍ර මුදලිගේ  (ජනතා විමුක්ති පෙරමුණයෙහි බදුල්ල දිස්ත්‍රික්ක සංවිධායක)

ජනතා විමුක්ති පෙරමුණයෙහි හිටපු සාමාජිකයන් සියළු දෙනාම අද පෙරටුකාමි සාමාජවාදී පක්‍ෂයෙහි ප්‍රධානීන් ලෙසද සම අයිතිවාසිකම් සංවිධානය පවත්වාගෙන යන  පිරිස බවට පත්වී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණයෙහි මෙතරම් වැදගත් තනතුරුවල සිටි ඔබ සියළු දෙනාම එම පක්‍ෂය ශ්‍රී ලංකාවෙහි ජාතික ගැටලුව සම්බන්‍ධයෙන්  පවත්වා ගෙන ගිය  ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගය යටතේ 2009 වනතෙක් කටයුතු කළේ එය පිළිගෙන නොවේද?

ශ්‍රී ලංකාවෙහි හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේදී ඇයගේ ආණ්ඩුවෙහි මංත්‍රීවරුන්  29 දෙනෙකු  සිටි ඔබ එවකට පැවැති සාම සාකච්ඡා කඩාකප්පල්වීමට හේතුවූ පිරිස අතර මූලික පිරිස  ජවිපෙය යන්න  ප්‍රතික්‍ෂේප කරන්නේද?

රනිල් – ප්‍රභා හවුල රට පාවාදෙන ද්‍රෝහි හවුලක් යැයි දිවයින පුරා ප්‍රචාරය කර චන්ද්‍රිකා මහත්මියට දැඩි බලපෑමක් එල්ලකළ පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවෙන් අස්වෙන බවට තර්ජනය කළවිට ඔබද ජනතා විමුක්ති පෙරමුණයෙහි ඉහළ  ක්‍රියාකාරිකයකු ලෙස නොසිටියේද?

රනිල් ආණ්ඩුවෙන් ආරක්‍ෂාක අමාත්‍යාශය  ඇතුලු වැදගත් අමාත්‍යාංශ  සියල්ල යළි ලබාගන්නා ලෙස චන්ද්‍රිකා මහත්මියට අවධාරණය කර චන්ද්‍රිකා මහත්මිය එය ඉටුකර රනිල්ව ආණ්ඩුවෙන් පන්නා දැමූ අවස්ථාවේදී ඔබ සියලු දෙනාම ජනතා විමුක්ති පෙරමුණයෙහි අධි මධ්‍යම කාරක සභාවෙහි  කටයුතු කලානේද?

සාම සාකච්ඡා කාලයේදී සාකච්ඡා අත්හිටුවා වහාම යුද්ධයට ගොස් කොටින්ව අනුකම්පා විරහිතව විනාශකර දමන්නයි ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටියදී ඔබ සිටියේ කොහිද? 2002 සිට 2009 දක්වා ශ්‍රී ලංකාවෙහි පුවත් මධ්‍යයන්හි  ඔබගේ පක්‍ෂයෙහි පුවත් ප්‍රකාශන මගින්  ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂය කෙතරම් පහත් මට්ටමක ජාතිවාදී ප්‍රචාරයන් දියත්කළේදැයි මා කියා සිටීම අවශ්‍ය නැත. එවිට ඔබගේ ජාතික සමඟිය හැඟීම තිබුණේ කොහේද?

මේ සිදුවීම 2006 දී යැයි සිතන්නෙමි. ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂයෙහි සතිඅන්ත ලංකා පුවත්පත එවකට මා  කටයුතු කළ සූරියන් එෆ් එම් ඇතුලු විදෙස්  රටවල්වල ක්‍රියාත්මකවූ අන්තර්ජාල වෙබ් අඩවි  36ක්, ගුවන් විඳුලි හා රූපවාහිනි නාළිකා  සියල්ල කොටින්ට පක්‍ෂපාති මාධ්‍යන් බවට ලැයිස්තුගත කර ඒ  සියල්ල ඊළම් ඉල්ලීම ශක්තිමත් කරන බව පවසා මැද පිටුවෙහි ලිපියක් පළ කර  තිබුණි. එපමණක් නොව අද දින ඔබට සහයෝගය ලබාදෙන ඇතම් දෙමළ පාර්ශවයන් විසින් පවත්වාගෙන යන  අන්තර්ජාලය වෙබ් අඩවි ද  කොටින්ට පක්‍ෂපාති වෙබ් අඩවි බවට නම්කර තිබුණි. මෙහි හාස්‍ය ජනක කරුණවන්නේ දැඩි ලෙස කොටින්ට එරෙහි ප්‍රතිපත්තියක් අනුගමනය කළ මාධ්‍යන්ද එය විදෙස්හි සිට ක්‍රියාත්මක වූ  නිසාදෝ  කොටින්ට පක්‍ෂපාති මාධ්‍යන් බවට ලැයිස්තුගත කර තිබීම ය. එවිට නොඇරුණු  දෑස් දැන් කෙසේ ඇරුනේද? (දෑස් ඇරීම සතුටුදායක කරුණකි නමුත් එම ඇරීමේ දේශපාලනික තත්ත්වය සුළුතර ජාතිකයන්ට හා බහුතර ජාතින්ට එකම භාෂාවෙන් පවසන්න.)

දෙමළ ජනමාධ්‍යවේදීන් ඝාතනයවූ අවස්ථාවේදී පැහැරගෙන යෑමට ලක්වූ අවස්ථාවේදී ඔවුන් සියළු දෙනාම කොටි ආධාරකරුවන් බවත් වලට එම ඝාතනයන් සහ පැහැර ගැනීම් එරෙහිව මාධ්‍ය සංවිධාන විරෝධතා පැවැත්වූ විට එම මාධ්‍ය සංවිධාන ප්‍රධානීන්ව  කොටින් යැයි පවසා ඔවුන්ගේ ඡායාරූපද පෙන්වා ඔබගේ ලංකා පුවත්පත ප්‍රකාශණය කළ අවස්ථාවලදී ඔබට එය නොදන්නා කරුණක් විය නොහැකිය.

2002 සාම කාලයේදී සිට සාම සාකච්ඡාවන් සඳහා මැදිහත්කරුවන් ලෙස කටයුතු කළ නෝර්වේ ඇතුළු සත්කාරක රටවල්, ඔවුන් සමඟ සම්බන්‍දවූවන්, මානව හිමිකම් ක්‍රියාකරුවන්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, රාජ්‍ය නොවන ආයතනවල සේවකයන්, බුද්ධිමතුන් වැනි සියළු පාර්ශිකයන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණයෙහි ප්‍රකාශණයන් මගින් ප්‍රචාරය කරමින් කොටි මුද්‍රාව ගසා ඔවුන්ව දේශද්‍රෝහීන් රට පාවාදෙන පුද්ගලයන් යැයි ප්‍රචාරයකළ අවස්ථාවේදී ඔබ සියළු දෙනාම ජනතා විමුක්ති පෙරමුණයෙහි ඉහළ පෙළේ  සාමාජිකයන් ලෙස නොසිටියේද?

සාම සාකච්ඡාව බිඳවැටි මාවිල්ලාරු සොරව්ව කොටින් විසින් වසා දැමීමත් සමඟම ත්‍රිකුණාමලයේදී ආරම්භවූ යුද්ධය නැගෙනහිරදී උග්‍රව පැවැතුණු අවස්ථාවේ පැවැති ජනතා විමුක්ති පෙරමුණයෙහි මධ්‍යම කාරක සභා රැස්වීමේදී රජය සමඟ වහාම එක්විය යුතුයි, රජය ශක්තිමත් කළ යුතුයි, කොටින්ව විනාශකර රට මුදවාගත යුතුයි යන ඉල්ලීම මධ්‍යම කාරක සභාවට ඉදිරිපත්කළ සේනාධීර ගුණතිලක හෙවත්  ඕපාත දැන් ඔබ නියෝජනය කරන පක්ෂයේ ප්‍රධන ලේකම්වරයා වෙයි.

මා මෙම කරැණූ  සඳහන් කරන්නේ මන්ද?  මේ  සියල්ල ජනතා විමුක්ති පෙරමුණයෙහි සිටි කාලයෙහි සිදු වූ සිද්ධියන් යැයි ඔබ ප්‍රතික්‍ෂේප කළ හැකිය. යම්  කිසිවකු කොතනක සිටියත් ජාතික සමඟිය සාමය හදවතෙහි තිබෙන්නේනම් ඉහත සඳහන් කරුණු ඉවසාගෙන සිටිය නොහැකිය.

ඔබ ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂයෙන් ඉවත්වීමට හේතු කාරණා රැසක් ඉදිරිපත් කර තිබුණි.

– 2004 දී චන්ද්‍රිකා මහත්මිය සමඟවූ අන්තර්කාලීන රජයෙහි අසුන් ගැනීම‍

– 2005 දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය ලබාදීම

– 2010 දී ජනාධිපති මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට සහයෝගය ලබාදීම

– 2010 මහ මැතිවරණයේදී කුසලාණ සලකුණෙන් තරඟ කිරීම ඇතුළු තවත් හේතු කාරණා රැසක්

ජනතා විමුක්ති පෙරමුණයෙහි මෙම තීරණවලට ඔබ විරෝධය පල කළ බවට පවසා තිබුණි. හොඳයි එය ප්‍රසංශනීයයි.

නමුත් 2005 ජනාධිපති මැතිවරණයෙන් පසු රජය සමඟ එක්විය යුතුයි යන දැඩි මතයකින් සිටි නමුත් එම මතය පරාජයවීමෙන් පසු කළකිරීමෙන් සිටි පි කුලරත්න දැන් ඔබගේ දේශපාලනික කැරළියේ සාමාජිකයකු වශයෙන් සිටියි. ඔහු කෙතරම් දුරට ස්වයං විවේචනයක් කර තිබේද?

එලෙසම 2010 ජනාධිපති මැතිවරණයේදි සරත් ෆොන්සේකා මහතාව පොදු අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්කර කුසලානය යටතේ තරඟකළ යුතුයි යන යෝජනාව මධ්‍යම කාරක සභාවට අසෝක විසින් ඉදිරිපත්කළ විට එය අනුමතකළ පුබුදු ජයකොඩි ඔබගේ වත්මන් දේශපාලන පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයකි. ඔහු උගත් පාඩම කුමක්ද?

2004දී සිට 2009 දක්වාවූ වසර පහක කාලයක් තුල ජනතා විමුක්ති පෙරමුණයෙහි මධ්‍යම කාරක සභා රැස්වීම්වලදී ගන්නා ලද තීන්දු තීරණ රැසක් ජාතික සමඟිය කඩාකප්පල් කරන සහ  ජාතිවාදය අවුස්සන පරිදි සකස් වී තිබුණි. ඒවා ඒකමතිකවද ඇතම් විට වැඩි ජන්දයකින්ද සම්මත කෙරුණි. මෙයට හවුල් වගකිව යුතු ඔබගේ වත්මන් සාමාජිකයන් මෙය ගැන කුමන ආකාරයෙහි ස්වයං විවේචනයකින්  හා දේශපාලනික පැහැදිළිතාවයකින් සිටින්නේද?

අදට ඔබගේ පක්‍ෂයෙහි වැදගත් තනතුරුවල සිටින බොහෝ දෙනෙකු 1980දී සිට 2011දී ජනතා විමුක්ති පෙරමුණ සමඟ ප්‍රසිද්ධව ගැටී  ඉවත්වී යනතෙක් සියළු දෙනාම ජනතා විමුක්ති පෙරමුණයෙහි පූර්ණ කාලීන ක්‍රියාකාරීන්  ලෙස කටයුතු කළ පිරිසය. ඔවුන්ගේ දේශපාලනික පැහදිළිකම හා ස්වයං විවේචනය  කෙතරම්දුරට වැදගත්වන්නේදැයි ඔබ ප්‍රතික්‍ෂේප නොකරනු ඇත.

තවද 1987-1989 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ සිය ගණනක බුද්ධිමතුන්, මානව හිමිකම් ක්‍රියාකරුවන්, දේශපාලනික නායකයන්, සිවිල් ජනතාවන් ඇතුළු පිරිසගේ ඝාතනයට පක්‍ෂයෙහි උසස් සාමාජිකයකු වශයෙන් ඔබ ප්‍රසිද්ධියේ සමාවක් ඉල්ලන්නේ නම් එය විසින්  ඔබ කෙරෙහි තිබෙන විස්වාසය වැඩිකරනු ඇත.  මා මෙලෙස  පවසනදැ වැරදිද?-

එය හැර ජනතා විමුක්ති පෙරමුණයෙන් ඉවත්වීමත් සමඟ පැවැත්වූ ප්‍රථම සමුළුවේදී ජනතා විමුක්ති පෙරමුණ සම්බන්‍ධයෙන් ඉදිරිපත්කළ චෝදනාවන් ගැන එවකට ජනතා විමුක්ති පෙරමුණයෙහි ඉහළ පෙළ සාමාජිකයන් ලෙස කටයුතුකළ ඔබ සියළු දෙනාගේම ස්ථාවරය ගැන තනි තනිව විමර්ශනය ඉදිරිපත්කළ යුතුයැයි ඔබ සමඟම සිටි  ඉහළ පෙළ සහෝදරවරුන් ඉදිරිපත්කළ ඉල්ලීමට සිඳුවුයේ කුමක්ද?

එම ඉල්ලීමට නිසි පිළිතුරක් නොලැබීමෙන් මාතර දිස්ත්‍රික්ක සංවිධායක චාමර, නුවර දිස්ත්‍රික්ක සංවිධායක දිමුතු අබයකෝන්, කුරුනෑගල දිස්ත්‍රික්ක සංවිධායක කුමාර්, හා කළුතර දිස්ත්‍රික්ක සංවිධායක, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සංවිධායක යන අය ඉවත්වී ගොස් ඇතයි පැවැසේ මෙයට ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද?

මෙය සියළු දෙයටම එකම පිළිතුරක් ලෙස අපගේ පක්‍ෂ අභයන්තර අරගලයට  වසර  5කි යැයි එකම වචනයකින් පිළිතුරු ලබාදීමට ඔබගේ දේශපාලනික හා දැනමුතු කම ඉඩ නොදෙනු ඇතයි විස්වාස කරන්නෙමි. මෙම අවස්ථාවේදී මෙයට සමාන්තරව තවත් දෙයක් පැවසිය යුතුයි.

කොටින් බලයේ සිටි කාලයේදී ඔවුන්ගේ බලයෙහි එල්ලී තනතුරු, දීමනා, සැප සම්පත් ලබාගෙන මුල්ලිවායිකාල්වලින් පසු ඥානය උදාවූ බොහෝ දෙනෙකු අප එහි සිටියේ අතෘප්තියෙන්ය, ඔවුන් ගැන විවේචනයන් ඉදිරිපත් කළෙමු, ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල අපට එකඟතාවයක් නොතිබුණි යැයි පවසා සිටිති. ඔවුන්ගේ ප්‍රකාශණ ද සාදාචාරයට  පටහැනි දේශපාලනික ස්වයං විවේචනයක් නොමැති ප්‍රකාශන බවට අපි වටහාගෙන සිටින්නෙමු. එපමණක් නොව අද දෙමළ ජනතාවන් සඳහා අරගල කිරීමට යැයි පවසා කරළියට බැස සිටින දේශපාලනික ව්‍යාපාරයන් තම පසුගිය කාලය ගැන නිසි අවබෝධයක් ලබාගන්නාතෙක් ස්වයං විවේචනයක්   නොකරන තෙක් ඔවුන් තම යහපත සඳහා පමණක් අරගල කරන බව පැහදිළිය.  එය ගැටලුවක් නැත.

ජනතා විමුක්ති පෙරමුණ සමඟ ජත්‍යන්තර වශයෙන් සම්බන්ධකම් තිබෙන ජාත්‍යයන්තර කොමියුනිස්ට් පක්‍ෂයන් සමඟ සාකච්ඡා කර ඔවුන් සමඟ අවබෝධතාවක් ඇති කරගෙන සමාජවාදී විප්ලවයක් සඳහා කළ සාකච්ඡාවන් අසාර්ථකවූ බවට පැවැසේ.  එය කටකතාවකද? ඇත්තද? ඇත්ත නම් හේතු කාරණා මොනවද?

– ශ්‍රී ලංකාවෙහි ජාතික ප්‍රශ්ණය ගැන ඔබගේ ස්ථාවරය කුමක්ද?

– ශ්‍රී ලංකාවෙහි බලය අත්පත්කරගැනීම සඳහාවූ ඔබගේ පක්‍ෂයෙහි වැඩපිළිවල කුමක්ද?

– සමාජවාදය ක්‍රියාත්මක කිරීම සඳහා ඔබ මුලෝපායන් හා ව්‍යූහයන් මොනවද?

ඉහත සඳහන් වැදගත් ප්‍රශ්ණවලට ජනතා විමුක්ති පෙරමුණ පැවැසූ දැ ඔබලාද පවසා සිටින බවට ජත්‍යන්තර කොමියුනිස්ට් කණ්ඩායම් විසින් අදහස් කර ඇතයි පැවසේ?

එනම් ඔබ හා ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින වෙනස කුමක්ද? අප ඇසුවේ නැත. ඒ  ජත්‍යන්තර කොමියුනිස්ට්  කණ්ඩායම අසා සිටිති . මෙයට ඔබගේ පිළිතුර කුමක්ද?

දශක පහකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවෙහි පවතින සුළුතර ජාතිකයන්ගේ ජාතික ප්‍රශ්ණයට ඔබ විසින් ඉදිරිපත් කර තිබෙන විසඳුම කුමක්ද?

ඔබේ පිළිතුර සිංහල භාෂාවෙන් ද දකුණේ සිටින ජනතාවට ලැබෙන පරිදි නිකුත්කළ හැකිද? ශ්‍රී ලංකාවෙහි ජීවත්වන සුළුතර ජාතිකයන්ගේ ආගම, භාෂාව, හා සංස්කෘතික පවත්වා  ගැනීමට ඇති  ප්‍රතික්‍ෂේප කරන සිංහල අන්තවාදීන්ව ප්‍රසිද්ධියේ එරෙහිවීමට ඔබට  හැකිද?

දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන්, නීතිමය වශයෙන්, ශ්‍රී ලංකාවෙහි ජීවත්වන සියළු දෙනාම ඔවුන්ගේ ජාතිකත්වය නොසළකා  සමාන බව සිංහල ජනතාවට හඞ නඟා පැවසීමේ ධෛර්යක් ඔබට තිබේ ද?

කුමාර් ගුණරත්නම් මහතාණනි,  80දී සිට 20011 දක්වා දශක තුනක් පමණ ගෙවා හිටි හැටියේම සම අයිතිවාසිකම්, සමානත්වය, ජාතික සමඟිය,  යැයි පවසන විට  කම්පනයක් ඇති නොවන්නේද

ඔබ පවසන ජාතික සමඟිය සමානත්වය ඇතුළු  සුළුතර  ජාතිකයන්ව බහුතර ජාතිකයන් සමඟ එකඟවි ජීවත්වීමට හුරුපුරුදු කරන මුලෝපායක් නැති බව සිංහල ජනතාවට හා දෙමළ ජනතාවට ප්‍රසිද්ධව පවසන්නේද?

අවාසනාවන්ත කරුණවන්නේ පසුගිය කාලයේදී දකුණෙන් උදාවූ වාමාංශි පක්‍ෂයන්, සංවිධාන, කණ්ඩායම් පසු කාලයේදී ජාතිවාදී බලවේගවලට වැටී, පාලන ආණ්ඩුවල වරප්‍රසාද සඳහාද පාර්ලිමෙන්තු ආසන සඳහාද සැප සම්පත් වෙනුවෙන්ද සුළුතර ජාතිකයන්ට ද්‍රෝහිකම් කර තිබීම ඉතිහාසය බවට පත්ව  අවසන්වී තිබීම ය.

තම ජනතාවගේ නිදහස සඳහා ගමන්ගත් දෙමළ ජාතික විමුක්ති ව්‍යාපාරද දූර දැක්මක් නොමැතිව දෙමළ ජනතාව සතුව තිබූ සියළු විස්වාසයන් නැතිකර ගෙනතිබේ . නැතිනම් ආත්මාර්තකාමි සංවිධාන බවට පත්වී දිගු කාලයක් ගෙවී ගොස්ය.

මෙවැනි තත්ත්වයක ඔබගේ පසුගිය කාලය සම්බන්‍ධයෙන් ස්වයං විවේචනයක් නොමැතිව නිකම්ම අද ශ්‍රී ලංකා වෙළඳපළේ වටිනා කතා භාණ්ඩයක් ලෙස තිබෙන ජාතික එක්සත්කම, සමානත්වය, සහෝදරත්වය, සම අයිතිවාසිකම, වැනි කරුණු  ඔබද අතට ගෙන තිබේ. ඔබද තවත් වරක් දෙමළ ජනතාව බිල්ලට නොතබනු ඇතැයි විස්වාශ කරමින් මේ ලිපිය අවසන් කරමි.

නඩරාජ ගුරුබරන්

Courtesy | GTN

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements