you're reading...
හමුදාකරණය

සාගර සම්පත ආරක්ෂා කරන ලෙස ඉල්ලා උතුරේ ධීවරයෝ පාදයාත්‍රාවේ

Jaffna-Army-and-Pepole

තම ඉල්ලීම් ඉටු කර දෙන මෙන් බල කරමින් වෙරළ තීරය දිගේ කිලෝ මීටර 600 කට වැඩි දුරක් ගමන් කිරීමට උතුරේ ධීවරයෝ සංවිධානය වී සිටිති.

ධීවරයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන මෙන් පෝක් සමුද්‍ර සන්ධිය දෙපස ආණ්ඩු දෙකෙන්ම ඉල්ලා සිටීමේ දීර්ඝ මෙම පාද යාත්‍රව මන්නාරමේ මුල්ලිකුලමෙන් ආරම්භ කළ උතුරේ ධීවරයෝ, ශ්‍රී ලංකාවේ ලංකාවේ සාගර සීමාවේ සාගර සම්පත් ආරක්ෂා කිරීමට මැදිහත් වන මෙන් දෙරටින්ම ඉල්ලා සිටිති.

කූඩන්කුලමේ ඉදිවන න්‍යෂ්ටික බලාගාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ධීවරයන්ට අනිටු විපාක විඳීමට හේතුවීම නිසා එයට විරෝධය පළ කිරීම දින විස්සක් මුළුල්ලේ පැවැත්වෙන මේ පා ගමනේ එක් අරමුණක් බවත් එම ධීවරයන් පවසා සිටිති.

ඉන්දීය ටෝලර් යාත්‍රා පැමිණ උතුරු මුහුදේ බලහත්කාරයෙන් මසුන් මැරීමට විරෝධය පළ කිරීම මෙම පාගමනේ තවත් අරමුණක් වන අතර යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ධීවර ජනතාවට ආධාර කරන මෙන් ද ඔවුහු ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

තම ඉල්ලීම් ඉටු කර දෙන මෙන් ඉන්දීය රජයටත් ලංකාවේ රජයටත් බල කරමින් වෙරළ තීරය දිගේ කිලෝ මීටර 600 කට වැඩි දුරක් ගමන් කිරීමට ධීවරයෝ සංවිධානය වී සිටිති.

මන්නාරමෙන් ආරම්භ වූ පාද යාත්‍රවට උතුරේ සියලු ධීවර සමිති නියෝජිතයන් දිනෙන් දින එක්වීමට නියමිත බව එහි ප්‍රධාන සංවිධායක වී සහාදේවන් බීබීසී සන්දේශයට පැවසීය.

දින විස්ස අවසානයේ කෝකිලායි කලපුවේදී විශේෂ රැස්වීමක් පවත්වා ඉන්දීය සහ ශ්‍රී ලංකා බලධාරීන් ට තම ඉල්ලීම් ඇතුලත් සංදේශ දෙකක් භාරදීමට ද සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.

 උතුරේ ධීවරයන් මුහුණ දෙන ගැටළු පිළිබඳව විසඳුම් සෙවීමට දෙරටේම නියෝජිත පිරිස් අතර ඉකුත් සතියේ යාපනයේ ඒකාබද්ධ හමුවක්ද පැවැත්විණ.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements