you're reading...
හමුදාකරණය

හෙළඋරුමය සහ හමුදාව එක්ව උතුර සිංහල කරයි

JHU - ARMY

රාජපක්ෂ රජයේ හවුල්කාර පාර්ශවයක්වන ජාතික හෙළ උරුමය සහ හමුදාව එක්ව යාපනය නාවක්කුලි ප්‍රදේශයේ ස්ථීරව සිංහල ජනයා පදිංචිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භකර තිබේ.

මේවන විට එම ජනයා පදිංචි කිරීමට ආදාළව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන අතර එම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය ඉඩම සපයා ඇත්තේ රාජපන්ෂ රජයේ පාර්ශවකරුවකු වන ඊපීඩීපී සංවිධානයේ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසිනි.

ජාතික හෙළ උරුමයට අනුබද්ධ භික්ෂු පෙරමුණක් වන සිංහරාවය භික්ෂු පෙරමුණ විසින් මෙසේ සිංහල පවුල් 135 ක් යාපනය කැඳවාගෙන පැමිණ නාවක්කුලි නිවාස සංවර්ධන අධිකාරිය භූමියේ තාවකාලිකව කූඩාරම් ඉදිකර පදිංචි කරවා ඇත.

මෙම ජනයා ඉවත් කරන ලෙස ඉල්ලා යාපනය දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරියෙන් කොළඹ පිහිටි මූලස්ථානය වෙතින් ඉල්ලීම් රාශියක් කළද මෙතෙක් එම ජනයාඉවත් කිරීමට බලය නිවාස් සංවර්ධන අධිකාරියෙන් යාපනය කාර්යාලයට ලැබී නැත.

නිවාස් සංවර්ධන අධිකාරිය පවතින්නේ රාජපක්ෂ ර​ජයේ දැඩි මතදාරී සිංහල අමාත්‍යවරයෙකුවන විමල් වීරවංශය යටතේය.

මේවන විට නාවක්කුල ප්‍රදේශයේ මෙම ජනයා වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ලහි ලහියේ ඉදිවෙමින් පවතින අතර මේවනවිටත් නිවාස 20 ක බිත්ති දක්වා ඉදිකර ඈති අතර තවත් නිවාස 40 ක අලුතින් අත්තිවාරම් යොදා ඇත. මෙම නිවාස ඉදිකරන භූමියේ ‘නාවක්කුලි නිවාස ව්‍යාපෘතිය’ යනුවෙන් නාම පූරුවක්ද සවිකර තිබේ.

දකුණේ සිටි යාපනයට පැමිණ සිටින ජනයාට පවසා ඇත්තේ තමන් පැමිණියේ ජාතික හෙළඋරුමය සහ සිංහරාවය සංවිධානයේ මෙහෙයවීම මත බවත් ඔවුන් ලක්ෂ 5 ක මුදලක් තමන්ට ලබාදුන් බවත්ය. ඒ වගේම අමාත්‍ය ඩගල්ස් දේවානන්ද තමන් පදංචිවන ඉඩම් වල නීත්‍යානූකූල අයිතිය ලබාදීමට කටයුතු කරන බව පොරොන්දු වී ඇතැයිද එම ජනයා පවසා ඇත.

මේ අතර මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකරනු ලබන්නේ හමුදාව යොදාගෙන වන අතර දැනට ඉදිවන එම ව්‍යාපෘතියේ ඡායාරූප ගැනීමට සහ දකුණේ සිට පැමිණ ඇති පිරිස හමුවීමට යාපනයේ කිසිදු මාධ්‍යයකට හමුදාව විසින් අවසර ලබාදෙන්නේ නැත.

සාමාන්‍යයෙන් ලංකාවේ ඕනෑම තැනක නිවසක් ඉදිකිරීමේදී එම නිවසට අදාළ සැලසුම අදාළ ප්‍රදේශීය සභාව විසින් අනුමත කළයුතු අතර මෙම නිවාස තැනීමේදී කිසිවක් එම ප්‍රදේශයට අදාළ ප්‍රදේශීය සභාව වන චාවකච්චේරී ප්‍රදේශ සභාවෙන් අනුමත කරගෙන නොමැති බව එම ප්‍රදේශීය සභාවේ ආදායම් බදු නිළධාරී ටී.තු​​රෛයිරාසා පවසා සිටී.

උතුරේ ඉඩම් බලතල ආණ්ඩුකාරයා යටතට

ඉඩම් සංවර්ධන ආඥා පනත,රජයේ ඉඩම් ආඥා පනත,ඉඩම් ප්‍රධාන විශේෂ විධිවිධාන පනත, හා රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනී‍මේ පනත යන පනත් යටතේ මහජනතාවට ඉඩම් බෙදාදීමේ කාර්යය හා රජයේ ඉඩම් ප්‍රශස්ථ මට්ටමින් කළමනාකරණය කිරීමේ බලට ඉඩම් ඉඩම් කොමසාරිස් ජනරාල්ට පැවරී තිබෙන අතර ජනාධිපතිවරායාගේ විශේෂ නියෝගයක් මත උතුරු පළාතේ ඉඩම් බලතල වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු පළාත් ආණ්ඩුකාර හිටපු උතුරු පළාත් හමුදා ආඥාපති මේජර් ජෙනරාල් ජී ඒ චනද්‍රසිරි යටතට පවරා ති​ෙබ්.

මෙතෙක් දිස්ත්‍රික් ලේකම් යටතේ තිබූ පළාත් ඉඩම් බලතල ජනාධිපති විශේෂ උපදේශකයෙකු යන උතුරු පළාත් ආණ්ඩුකාර චන්ද්‍රසිරි යටතට පවරා ඇත්තේ උතුරේ සිංහලකරණය තවදුරටත් ඉක්මන් කිරීමේ අරමුණින් බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

මේ අතර යාපනය අර්ධද්වීපය තුළ වෙසෙන දෙමළ ජාතික​යින්ගේන් 11,500 ක කට කිසිදු බිම් කැබැල්ලක් නොමැති බව වාර්තා පෙන්වා දෙයි.

Photo Courtesy | Tamilnet
Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements