you're reading...
යුධ අපරාධ

යුධ අපරාධ තවදුරටත් ; අන්තර් ජාතික විමර්ෂණයට ඉඩක් නෑ

War Crime

යුද අපරාධ සම්බන්ධව අන්තර් ජාතික පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා රජය පවසා සිටිති. මාර්තු මාසයේ ආරම්භවීමට නියමිත මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට විරුද්ධය ඈමරිකාව විසින් යෝජනාවක් පැමිණයහොත් ඊට මුහුණදීමට සූදානම් බවත් කිසිදු ලෙසකින් යුධ අපරාධ සම්බන්ධ අන්තර් ජාතීක පරීක්ෂණයටකට ඉඩ නොදෙන බවත් රාජපක්ෂ රජයේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.

පසුගිය වර්ෂයේ මාර්තු මානව හිමිකම් සැසියේදී ඈමරිකා එක්සත් ජනපදය විසින් යෝජනාවක් ලංකාව සම්බන්ධව ගෙන අතර එය සම්මත වූ නමුත් ශ්‍රී ලංකා රජය එම යෝජනා කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කර නැත.

එපමණක් නොව රාජපක්ෂ රජය විසින්ම පත්කරන ලද උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනලෙස ජාත්‍යන්තරව සහ දේශීයව ඉල්ලීමක් සිදුකළද එම නිර්දේශ 292ක් අතුරින් රජය ක්‍රියත්මක කරන බව පවසා ඇත්තේ 89 ක් පමණි.

2012 ජිනීවා UPR සැසියේදී ශ්‍රී ලංකාව සමබන්ධව නිර්දේශ 200 කට අධික ප්‍රමාණයන් ඉදිරිපත් කළද ඉන් 100ක් ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

එක්සත් ජාතීන් අසමත්

යුද්ධයේදී භාරවූ පුද්ගලයන් ඝාතනය කිරීම,පැහැර ගැනීම,අතුරුදහන් කිරීම මෙන්ම යුද්ධයේ අවසන් දින කීපයේදී 40,000 – 70,000 ක් අතර සාමාන්‍ය දෙමළ වැසියන් ප්‍රමාණයක් ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රහාර නිසා මියගිය බවට එක්සත් ජාතීන්ගේ ​මහලේකම් වරයා විසින් පත්කරන ලද විශේෂඥ කමිටු වාර්තාවෙන්ද පෙන්වා දෙයි.

එලෙසම මැතකදී නිකුත් වූ එක්සත් ජාතීන්ගේ අභයන්තර වාර්තාවක දැක්වූයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරය නතර කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය අසමත් වූ බවයි.

තවමත් වන යුධ අපරාධ

එලෙසම ශ්‍රී ලංකා රජය සහ දෙමළ විමුක්ති කොටි සංවිධානය අතර පැවති යුද්ධය අවසන්වීමෙන් පසුව විමුක්ති කොටි සංවිධානයේ පාලනයේ පැවති ප්‍රදේශයන්ගේ ජීවත් වූ 106,000 ක ජනතාව අතුරුදහන් වී ඇති බවත් එම ජනයාට සිදුවී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළයුතු බවත් බීබීසී සේවයේ ශ්‍රී ලංකාවේ හිටපු වාර්තාකාරිණියක් වන ප්‍රාන්සිස් හැරිසන් මෑතකදී පවසා සිටියාය.

2000 වර්ෂයේ සිට 2004 වර්ෂය දක්වා ශ්‍රී ලංකාවේ බීබීසී වාර්තාකාරිණිය ලෙස සේවය කළ ඇය පවසා සිටින්නේ ලෝක බැංකු විසින් නිකුත් කර ඇති ජනගහන වර්තාව පරිශීලනය කිරීමේදී අතුරුදහන් වූ සංඛ්‍යාව පිළිබද කරුණු අනාවරණය වන බවයි.

චැනල් 4 සාක්ෂි

චැනල් 4 ආයතනය මගින් නිශ්පාදනය කරන ලද ශ්‍රී ලංකා ඝාතක භූමි සහ දඩුවම් නොලත් යුධ අපරාධ යන වාර්තා චිත්‍රපට මගින් ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකරන ලද යුධ අපරාධ සම්බන්ධව විඩියෝ දර්ශණ සාක්ෂි සපයා ඇත.

එම විඩියෝ දර්ශණ ව්‍යාජ හෝ සැකසූ ඒවා නොවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධාන​යේ විශේෂ කණ්ඩායමක් විසින්ද සනාථ කෙරුණි.

අතුරුදහන් නොවන අතුරුදහන් කිරීම්

එක්සත් ජාතීන්ගේ අතුරුදහන් කිරීම් සම්බන්ධ වාර්තාවක් පෙන්වා දෙන්නේ සැලසුම් සහගත ලෙස බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධව ශ්‍රී ලංකාව ලොව දෙවැනි ස්ථානයේ පසුවන බව යි. ශ්‍රී ලංකාව පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම අතින් ලොව දෙවැනි වන්නේ ඉරාකයට පමණි. මෙලෙස අතුරුදහන් වන පුද්ගලයන් බහුතරයක් දැඩි වධ බන්ධනයන්වලට ලක්වන බව ද එම වාර්තා මගින් පෙන්වා දෙයි.

සෑම දින 5 කටම එක් පුද්ගලයෙක් අතුරුදහන්

මෑතකදී ග්‍රවුන්ඩ් වීව්ව්ස් වෙබ් අඩවිවියේ “WATCHDOG” , අතුරුදහන්කිරීම් සහ පැහැර ගැනීම් සම්බන්ධව වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ පශ්චාත් යුධ සමය තුළ සෑම දින 5 කටම එක් පුද්ගලයෙකු අතුරුදහන් වන බවයි. එයින් වැඩි ප්‍රමාණයන් පැහැර ගැනීම් බවද එම වාර්තාව මගින් පෙන්වා දෙයි.

2012 අප්‍රේල් මස 01 වැනි දින සිට ජූලි මස 9 වැනි දින දක්වා දින 100 ඇතුළත පුද්ගලයන් 21 අතුරුදහන් බවත් එම වාර්තාවේ සඳහන් වෙයි. 2012 වර්ෂයේ ජනවාරි 01 වැනිදා සිට ජූලි 9 වැනිදා වනවිට අතුරුදහන් වූ මුළු සංඛ්‍යාව 57 ක් බවත් එම වාර්තාවේ වැඩිදුරටත් ඇතුළත් වෙයි.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements