you're reading...
හමුදාකරණය

ඉඩම් බලතල ආණ්ඩුකාරයා යටතට පැවරීම ඉඩම් කොල්ලය තවදුටත් සිදුකිරීමේ උපක්‍රමයක් – සිවශක්ති ආනන්ද

Chandrsiri

උතුරු පලාතේ ඉඩම් බලතල රජය විසින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත පැවරීම පළාත් පාලන බලතල උල්ළංඝණයක කිරීමක් බවත් උතුරේ ඉඩම් කොල්ලය තවදුටත් සිදුකිරීමේ උපක්‍රමයක් දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිව ශක්ති ආනන්දන් පවසා සිටී.

පසුගියදා රාජපක්ෂ විසින් උතුරු පළාතේ ඉඩම් බලතල ජනාධිපති රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදයක් මගින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා යටතට පැවරීය.

උතුරු පළාත් ආණ්ඩුකාරවයා වන්නේ ජනාධිපති රාජපක්ෂගේ විශේෂ උපදේශකයෙකු හා උතුරු පළාත් හිටපු හමුදා ආඥාපති වන ජි. ඒ චන්ද්‍රසිරි ය. රාජපක්ෂ රජය ලක්ෂ 10 ක් වන දෙමළ ජනයාගේ ඡන්ද අයිතිය උල්ළංඝණය කරමින් උතුරු පළාත් මැතිවරණය නොපවත්වා දිගින් දිගටම කල්මරමින් සිටින අතර යුද්ධය අවසන් වී වසර හතරකට ආසන්න කලයක් ගතවී ඇති නමුත් උතුරු පළාත් සභාව තවමත් පවත්නේ සිංහල ආණ්ඩුකාරවරයෙකු යටතේය.

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් විසින් ඉඩම් බලතල ආණ්ඩුකාරවරයා යටතට පැවරීම සම්බන්ධව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාව සතු ආණ්ඩුකාරවරයා යටතට පවරා ඇති අතර පළාත් සභාව යටතේ පවති බලතල 15 ක් දිවි නැගුම යටතේ මධ්‍යම රජය වෙත පවරා ගෙන ඇති බවයි.

” දිවි නැගුම පනත යටතේ පළාත් සභාවේ බලතල උල්ළංඝණය කරමින් එම උණුසුම මැකි යන්නට පෙරම රාජපක්ෂ රජය, පලාත් සභා යටතේ පවතින ඉඩම් බලතල උලළංඝණය කරමින් සි​ටිති.” දෙමළ ජනතාවට ජාතියන් වශයෙන් සෘජුවම බලපාන මෙවැනි ක්‍රියාවන් වහාම නතර කළ යුතු බව ඔහු සිය නිවෙදනය මගින් අවධාරණය කර සිටී.

13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභාව වෙත හිමිවූ ඉඩම් බලතල රජය සතුකර ගැනීමට හැකියාවක් නොමැත අතර එය ව්‍යවස්ථාව උල්ළංඝණය කිරීමක් බවත් පළාත් සභාව සතු ඉඩම් බලතල සංශෝධනය කරන්නේනම් ඒ සඳහා පළාත් 9 හිම අනුමැතිය ලබාගත යුතු අතර, ඊට පසු පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මතකර මන්ත්‍රීවරයා සිය මාධ්‍ය නිවේදනය මගින් රාජපක්ෂ රජයට මතක්කර දෙයි.

පළාත් සභාව සතු පළතල පවරා ගැනීමේදී එකදු පළාත් සභාවක් විසින් හෝ එයට විරුද්ධ වු​වහොත් එම පළතල පවාරා ගැනීමට මධ්‍යම රජයට නොහැකිය.

දෙමළ ජාතික සන්ධාන වන්නිදිස්ත්‍රික මන්ත්‍රීවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයේ තවදුරටත් දැක්නේනේ උතුරු ජනතාව විසින් පත්කරගත් පරිපාලනයක් උතුරු පලාතෙහි නොමැති අතර රජයේ සෘජු නියෝජිතයෙකු ලෙස ආණ්ඩුකාරවරයා කටයුතු කරනු ලබයි. එම තත්ත්වයක් යටතේ පලාත් පරිපාලනය රජයේ යාන්ත්‍රණය විසින් ක්‍රියාත්මක කරනු ලබන නමුත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පලාත් සභාවට පවරා ඇති බලතල අහෝසි කිරීමට වර්ථමාන ආණ්ඩුකාරවරයා කටයුතු කරමින් සිටින බවයි.

එසේම රාජපක්ෂ රජය උතුරු පළාතේ ජන සංයුතුය සැලසුම් සහගතව වෙනස් කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා සිට නිවේදනය මගින් වැඩිදුරටත් පවසා සිටී.

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements