you're reading...
අදහස්

කුංගුමප් පොට්ටු

Tamil Girls

පිලිස්සී ගිය ජීවිතයේ ශේෂ වූ මතකයට අනුව ඒ 2009 පෙබරවාරියයි. බොහෝ රෝමාන්තික කෙල්ලන් මෙන් පෙබරවාරිය රෝස පැහැති යැයි කියා ඈ සිතුවේ නැත. එසේ සිතන්නටද ඉඩ නැත. මොහොතින් මොහොත ගතවන සියලු දිනයන් කළු පැහැයෙන් බිරාන්තව තිබුණි. දේශයේ විමුක්තිය පතා පෙරමුණු ගත වූ ආදරණීය කැරලිකාරයා පිළිබඳ කිසිදු ආරංචියක් නොලද්දී, සැකයෙන් – බියෙන් – වේදනාවෙන් හිත පහුරු ගා ගත්තාය. ස්වකීය ජාතියට අනන්‍ය බිම්කඩ මහ ජාතිය විසින් ගිලගන්නා අවකාශයක ” ඊළත්තුප් පාඩල් ” ගීයක් තරම් ” ආදරය ” සරල නොවන බව ජීවිතය විසින් ඈට උගන්වා තිබුණි. ඈ නමින් ” ඊශ්වරී “ය.

‘ කාන්තාවක් කසාද නොබැඳ සිටියහොත් ඇගේ ජීවිතය සම්පූර්ණ නොවේය ‘ යන්න දමිළ සංස්කෘතියේ එන ප්‍රකට කියමනකි. කාන්තාවන් නළලත පුරා රතු තිලකය හෙවත් ” කුංගුමප් පොට්ටුව ” තියා හඟවන්නේ ද ‘ කසාදයට ගිවිස ගත් බවයි. එහෙත් ‘ කාලයේ කෝපයෙන් හා මහ ජාතියේ ද්වේෂයෙන් ඊශ්වරීගේ ‘ කසාදය ‘ පමණක් නොව ආත්මයම නොවිසඳුනු ප්‍රහේලිකාවක් විය.

මෙකල සේ ම එකල ද හිතක් – පපුවක් නැති හමුදා සුනඛයන් බුර බුරා සෙව්වේ බිලි පූජාවන් ය. මරණීය සිරුරු මැද  මාට්ටු නොවෙන්නට පූට්ටු කර ගත හැකි හුස්මක් ඉතිරි ශරීර හා ඔවුහු විජාතක රති සාද, හැමිණෙන හැන්දෑවන් ගත කළහ. ඊශ්වරීලා දහසක් හා ඊශ්වරීලාගේ මවුවරුන් – නැගණියන් සහසක් සිහළ ලිඟු මරුවන්ට බිලි විණි. ‘ මට වෙඩි තියන් නැද්ද ? ‘ කියා අසන්නාක් මෙන් ඈ බල බලා හුන්නේ ‘ තම අවසන් මොහොත උදාවන්නේ කුමන වේලාවේදැයි ‘ කියාය. බාලචන්ද්‍රන් සේ ම තවත් කුඩා සඳවල් දහස් ගණනක් අන්ධකාරයේ ගිල්වා දමන රණවිරුවන්ගේ ආයු රක්ඛන්තු ආවඩා ‘ අවිය ‘ එදින එල්ල වූයේ  ඈ හා ඇගේ මලණුවන් දෙසටයි. අහිංසකයන්ගේ ආයු තොර කිරීම වෙතටයි.

 ” ධනූ ” වැනි වීර කතුන් නියෝජනය වූ පරපුරක අවසන ඊශ්වරීලා ගොළු කර දැමූයේ බලහත්කාරයෙනි ; ‘ හෙළ අභිමානය ‘ නම් ගොරහැඩි ඊනියා ආධිපත්‍යයේ පිටුබලයෙනි.

ඈ මියැදුණේ කිසිවක් නොකියා ඇස්, ඉස්, මස් දන් දෙමින් ය. ඇගේ නොවැසුණු ” ඇස් ” වැසීමට පාදඩයන්ට අමතකව ගිය සෙයකි…. එහි නටබුන් වූ අපේක්ෂාවන් මතින් හෙට ඊශ්වරීලාගේ නේත්‍රා පිබිදිය යුතු ය; විමුක්තිය වෙනුවෙනි.

මේ 2013 පෙබරවාරිය….නන්නත්තාර පරිසරයක මාන්නක්කාර උන් මැද මම සිගරට්ටුවක් දල්වාන ඇවිදිමි …සෑම දුම් වළල්ලක් පාසාම එලියට මුසුවෙන බලාපොරොත්තුවකින් සිත පුබුදුවාගමි…..ඊශ්වරී ????? බිම වැටී ඇති ඇගේ රතු ” කුංගුමප් පොට්ටුව ” හදවතින් අහුලමි. සුසුමක් හෙළමි.බර අඩි තබා ඇවිද යමි  –

අධීශ්වර

Photo Courtesy | colombotelegraph

Advertisements

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA

Advertisements