you're reading...
යුධ අපරාධ

ගෝඨාභය / ශවේන්ද්‍ර / සරත් ගේ ‘යුධ අපරාධ’ චෝදන තවදුරටත් සනාත වෙයි

War Crime 3

දෙමළ වර්ග සංහාරක යුද්ධ​යේ අවසන් මොහොතේදී දෙමළ විශාල ප්‍රමාණයක් ඝාතනය වූ බව නැවත සනාථ වෙයි. පසුගිය ඉරිදා (23) ද අයිලන් පුවත්පතේ ලිපියක් මගින්ද නැවත වරක් තහවුරු කරන්නේ මුල්ලි​වෛයිකාල් පටු බිම් තීරුවේ කිලෝමීටර් 2 පමණ කලාපයේ දහස් ගණනක් දෙමළ සමාන්‍ය වැසියන් සිරවී සිටි බවයි.

දෙමළ සාමාන්‍ය වැසියන් දහස් ගණනක් ඝාතනය වූ මෙම ප්‍රදේශයේ මෙහෙයුම බාරව සිට ඇත්තේ දැන් නිව්යෝක් නුවර තාන්ත්‍රික වශයෙන් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත,මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිල්වා වේ. ඒ අනුව ශවේන්ද්‍ර සිල්වා වෙත එල්ලවී ඇති යුධ අපරාධ චෝදනා තවදුටත් තහවුරු වෙයි.

එම මහා ජන සංහාරයට ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ​​ෆොන්සේකාද සෘජුවම දායක වී ඇතිබව ඉතා පැහැදිලිය. එහි සඳහන් වන්නේ තමන්ගේ නියෝග හරිහැටි ක්‍රියාත්මක නොකිරීම නිසා ශ​වේන්ද්‍ර සිල්වා විසින් අණුදුන් 58 වැනි සේනාංකයේ අණදෙන නිළයෙන් ඉවත් කිරීමට සරත් ​ෆොන්සේකා සූදානම් වූ බවයි.

ඒ වගේම එහි සඳහන් වන්නේ ගෝඨාභය රාජපක්ෂද සෘජුව ශවේන්ද්‍ර සිල්වාට අණදෙනු ලැබූ බවයි. පසුව විවිධ නඩු තීන්දු සහ විවිධ වෙනස් කිරීම් සිදුවූවත් පළමුව සරත් ​ෆොන්සේකා ප්‍රකාශ කළ බවට සන්ඩේ ලීඩර් පුවත්පතේ පළවූයේ සුදුකොඩි රැගෙන යටත් වීමට පැමිණි විමුක්ති කොටි සංවිධානයේ නඬේසන්, පුලිදේවන්, රමේෂ් යන නායකයන් ඝාතනය කිරීම සඳහා ශවේන්ද්‍ර සිල්වාට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අණදුන් බවයි.

23 වැනි ඉරිදා ද අයිලන් ලිපිය මගින් තහවුරු වන්නේ ගෝඨාභය රාජපක්ෂ ශවේන්ද්‍ර සිල්වාට සෘජුව අණලබා දී ඇතිබ බවයි. ඒ අනුව සරත් ෆොන්සේකා විසින් සන්ඩේ ලීඩර් පුවත් පතට මුලින්ම කල ප්‍රකාශ නැවත වතාවක් සනාථ වෙයි.

බාලචන්ද්‍රන් ඝාතනය කළේ ගෝඨාභයගේ උපදෙස් පිට මේජර් ජෙනරාල් කමල් ගුණරත්නයි

විමුක්ති කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ 14 හැවිරිදි පුත්‍රයා වන බාලචන්ද්‍රන් ප්‍රභාකරන් යුද හමුදාවට භාරවීමෙන් පසු මරා දැමූවේ ගෝඨාභය රාජපක‍ෂගේ ඍජු උපදෙස් පිට එවකට 53 වැනි බලසේනාංකාධිපති ලෙස කටයුතු කළ බි‍්‍රගේඩියර් කමල් ගුණරත්න මහතාගේ මෙහෙයවීම මත බව  2012 ජූලි 14 වැනිදා lankanewsweb අනාවරණය කර සිටින ලදී.

ඒ අනුව එම අනාවරණය ඉහත ලිපිය ඔස්සේ තවදුරටත් තහවුරු වෙයි.

LTTE checkmated War on terror revisited
 
” බාලචන්ද්‍රන් ඝාතනය කළේ ගෝඨාභයගේ උපදෙස් පිට ” – මේජර් ජෙනරාල් කමල් ගුණරත්නයි
 
 
Source : Lankanewsweb
 

Discussion

No comments yet.

Leave a comment

Visit the VANNI POST New Website

SOCIAL MEDIA LINKS

Facebook Twitter Facebook Facebook

SIGN THE PETITION

RETOON

LEARNING POLITICSFROM SIVARAM

REPORTS

WAR WITH OUT WITNESS IN SRI LANKA